සිංදු – ප‍්‍රසාද් වීරසේකර

No Comment 440 Views

සිංදු
————————————————

ගෑනු හොඳ වැඩියි පිරිමින්ට
කුවණ්නා
පුරුෂ ලිඟුවට ලොල්ල
තම්බපන්නියෙ වැල්ල
තාම ඒ හැටියෙන්ම තියෙන්නා
උඹලාට යක්ෂණියො කියන්නා

පෝරුවේ සුළැඟිල්ල
කපු නූල් පැටලිල්ල
ආදරේ යැයි කියා තියෙන්නා
විජය දද නගන්නට
සයනයේ වුණත් අපි
තාම ලේ බිංදු නං සොයන්නා

ජීවිතේ මැසිම ළඟ
දාඩියෙන් තෙතබරිත
ආදරේ හෙටත් උඹ වියන්නා
වාසනාව ඉඳිකටුවෙ
තුඩක් තරමට වුවද
ඒ අගත් සිදුරක්ය කුවණ්නා..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)