Lamb to the Slaughter- Roald Dahl මරන්න ගෙන ගිය බැටළුවා

No Comment 396 Views

උණුසුම්වල පිරිසිදුව තිබුණු කාමරයේ ජනෙල් තිර වසා තිබිණිග ඇගේ පුටුව අසලත් ඊට ඉදිරියෙන් තිබුණු හිස් පුටුව අසලත් මේස ලාම්පු දල්වා තිබිණිග ඈ පසුපස තිබූ මේසය මත උස වීදුරු දෙකක සෝඩා වතුරත්ල විස්කිත් වියග තර්මොස් බඳුනක් අලුත් අයිස් කැටවලින් පුරවා තිබිණි

මේරි මැලෝනි ඇගේ සැමියා රැකියාවෙන් පසු ගෙදර එනතුරු බලාගෙන සිටියා ය.

ඇය වරින්වර ඔරලෝසුව දෙස නෙත් යොමු කළේ කලබලයකින් නොවේ. ඈ එසේ කළේ ගතවෙන හැම විනාඩියක් පාසාම ඔහු එන වෙලාව ළඟා වන බව මතක් කරමින් සතුටු වන්නට ය. ඈ වටා පැතිරුණේ මඳහසක ස්වරූපය යි. ඈ කළ හැම දේකම මුදු බව දැවටී තිබිණි. මැහුම වෙත ඇගේ හිස නැමී තිබුණේ නොවූ විරූ නිසල බවකිනි. මේ ඇගේ ගැබිණි බවේ හය වෙනි මාසය නිසා ඇගේ හමේ විනිවිද පෙනෙන ගතියක් තිබුණි. ඇගේ වත පුරා අමුතු සිලිටි බවක් පැතිරී තිබුණු අතරල දෑස අලුත් සෞම්ය ගතියකින් පෙරට වඩා විශාලව දිස් විය. ඔරලෝසුවේ වෙලාව පහට දහයක් ලෙස සටහන් වෙද්දී ඈ වඩාත් හොඳින් සවන් දෙන්නට විය. ඉන් සුළු මොහොතකට පසුල හරියටම වේලාවටල එළියේ රථයක් නවත්වන හඬත්,එහි දොරක් වැසෙන හඬත්,කවුළුව අසලින් පිය ගැටෙන හඬත්ල දොරේ යතුර කරකැවෙන හඬත් ඇසිණි. ඇය මැහුම පසෙකින් තබා නැගිට ඉදිරියට ගියේ ඔහු එද්දීම හාදුවක් දීමට ය.

“හෙලෝ ඩාලිං” ඈ කීවා ය.
“හෙලෝ ඩාලිං” ඔහු පිළිතුරු දුන්නේ ය.

ඇය ඔහුගේ කබාය ගෙන එය අල්මාරියේ රැඳවූවා යග ඉනික්බිති බීම තබා තිබුණු තැනට ගොස් ඔහුට සැර බවින් වැඩි බීම වඩියක් දල තමන්ට සැර අඩු වීදුරුවක් ද ගෙනැවිත් නැවත මහමින් සිටි ඇඟලුම අතට ගෙන හිඳගත්තා ය. ඔහු ඇයට ඉදිරියෙන් ඇති අසුනේ හිඳ දෑතින්ම උස වීදුරුව කලතමින් සිටියේ එහි වූ අයිස් කැට ගැටී සිහින් හඬක් නැංවෙන ලෙසිණි.

ඇයට නම් මේ දවසේ තෘප්තිකර ම වේලාව යිග පළමු විස්කි වීදුරුව අවසන් වන තුරු ඔහු නිහඬව සිටීමට ප්රිදය කරන බව ඇය දැන සිටියා ය. දවස පුරාම නිවසේ තනිව ගත කළ දිගු හෝරාවන්ට පසු එළැඹෙන මේ වේලාවේ ඈ ද නිහඬව ඔහුගේ සමාගම විඳින්නට කැමැත්තෙන් සිටියා ය. ඔහු ඇසුරේ දැනෙන සුවය උපරිමයෙන් විඳිමින් ඔහු හා තනි වූ විට ඔහුගෙන් නික්මුණු පිරිමි රශ්මියේ ඈ කිමිදුණේ හිරු රැස් නාන අයෙක් මෙනි. ඔහු දොරකින් ඇතුල් වන ආකාරයටල කාමරයක් හරහා දිගු අඩි තබමින් ඇවිදින ආකාරයටල සැහැල්ලුවෙන් අසුනක හිඳ සිටින ආකාරයට ඈ ආදරය කළා ය. ඔහු ඈ දෙස බලද්දී ඔහුගේ දෑසේ දිස් වූ තියුණුල කල්පනා භරිත පෙනුමටත්ල ඔහුගේ මුවේ හැඩයටත් ඈ ප්රිදය කළා ය. ඒ හැමටත් වඩා ඔහු විස්කි වීදුරුවේ බලයෙන් තමන්ගේ මහන්සිය අඩු වෙන තෙක් ඒ තෙහෙට්ටුව ගැන කිසිවක් නොකීම ගැනත් ඇයට මහත් ආදරයක් දැනුණි.

“මහන්සි ද ඩාලිං?”

“ඔව්” ඔහු කීය. “්‍හරි මහන්සියි” එසේ කියූ ඔහු හදිසියේම වෙනදාට නොකරන දෙයක් කළේ ය. ඒ, වීදුරුව ඔසවා එහි ඉතිරි ව තිබුණු විස්කි වඩිය එක හුස්මට මුවට හලා ගැනීම ය . ඇය ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ නැතත් වීදුරුවේ අඩකට වඩා විස්කි තිබුණු බව අයිස් කැට හිස් වීදුරුවේ ගැටෙන හඬින් ඇයට වැටහිණි. පුටුවේ ඉදිරිපසට නැමී මොහොතක් නිසොල්මන් ව උන් ඔහුල නැගිට තවත් විස්කි වීදුරුවක් වත්කර ගැනීම පිණිස සෙමෙන් ඇවිද ගියේ ය.

“මං අරන් දෙන්නම්ෟ” ඇය හඬ නගා කීවේ පුටුවෙන් වහා වහා නැගිටමිනි.

“වාඩිවෙන්න” ඔහු කීය.

ඔහු නැවත පැමිණි විට ඔහුගේ අලුත් බීම වඩියේ විස්කි සාන්ද්රෙණය වැඩි කම නිසා එය තද පැහැති බව ඇයට පෙනිණි.

“ඩාලිංල ඔයාගේ සෙරෙප්පු දෙක ගෙනත් දෙන්නද?”

“එපා”

ඔහු අඳුරු පැහැ බීම වීදුරුව තොලගාන අයුරු ඈ බලා සිටියා යග එහි සැර බව නිසාම තෙල් ගතියෙන් යුතු රැළි නැගෙනු ඇයට පෙනිණි.

“ඔයා තරම් ජ්යෙඇෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් දවස තිස්සෙම හිටගෙන ඉන්න වෙන එක හරි අසාධාරණයක් කියලායි මට නම් හිතෙන්නේ” ඈ කීවා ය.

ඔහු කිසිවක් කීවේ නැති නිසා ඇය යළිත් ඇගේ අතේ වූ මැහුම වෙත නෙත යොමු කළා යග ඔහු වීදුරුව තොලගාන හැම වරකම එහි අයිස් කැට ගැටෙන හඬ ඇයට පැහැදිලි ව ඇසිනි.

“ඩාලිං මම ඔයාට චීස් ටිකක් ගේන්නද? අද බ්රැහස්පතින්දා නිසා මම රෑට කෑම හැදුවේ නැහැ.”

“එපා” ඔහු කීය.

“ඔයාට කෑමට එළියට යන්න මහන්සි වැඩි නම් තාම උයන්න පරක්කු වැඩි නැහැ” ඇය දිගටම කියාගෙන ගියා ය. “්‍සර් එකේ ඕනෑතරම් මස් ජාති තියෙනවාග ඔයාට ඔය පුටුවෙන් නැගිටින්නේවත් නැතිවම කෑම කන්න පුළුවන්”
ඔහුගෙන් පිළිතුරක්ල සිනහවක්ල කුමක් හෝ සන් කිරීමක් ලැබේදැයි ඇගේ දෑස බලාපොරොත්තුවෙන් විය.

“කොයිකටත් මම ඔයාට මුලින්ම චීස් ටිකක් එක්ක ක්රැුකර්ස් ටිකක් ගේන්නම්” ඇය යළිත් කීවා ය.

“මට ඕන නැහැ” ඔහු කීය.

ඔහු දෙස අයාගත් විශාල දෙනෙතින් යුතුව ඇය නොසන්සුන් ව පුටුවේ හිඳ සිටියා ය.

“ඒත් ඔයා මොනවා හරි කන්න ඕන නේෟ මම ලෑස්ති කරන්නම්ල එතකොට ඔයාට ඕන නම් කන්න පුළුවන්ල අකමැති නම් නොකා ඉන්න පුළුවන්”

ඇය පුටුවෙන් නැගිට මැහුම මේස ලාම්පුව අසලින් තැබුවා ය.

“වාඩිවෙන්න” ඔහු කීවේයග “විනාඩියකට වාඩිවෙන්න”

ඇයට බියක් දැනෙන්නට වූයේ එවිට ය.

“ඉතින් වාඩිවෙන්න” ඔහු නැවතත් කීය.

ඇය හෙමින් සීරුවේ පුටුවට පහත් වූයේ කැළඹුණු විශාල දෑස ඔහු දෙස යොමාගත් ගමන්ම යග ඔහු දෙවෙනි බීම වඩිය අවසන් කර හිස් වීදුරුව තුළට ඔරවාගෙන සිටියේ ය.

“මේ අහන්න” ඔහු කීයග “්‍මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”

“ඇයි ඩාලිං? මොකක් හරි ප්ර ශ්නයක් ද?”

මේ වෙද්දී ඔහු සම්පූර්ණයෙන්ම නිසොල්මන් ව සිටියේ ය. ඔහු හිස නවා සිටියේ ලාම්පුවේ ආලෝකය මුහුණෙන් කොටසකට වැටී මුව අඳුරේ තිබෙන ලෙස යග ඔහුගේ වම් ඇස අසල නහරයක් ගැහෙන බව ඇයට පෙනිණි.

“ඔයාට මේක ටිකක් කම්පනයක් වෙයි” ඔහු කීය. “්ණඒත් මම සෑහෙන්න කල්පනා කරලා තීරණය කළා ඒක ඔයාට කෙළින්ම කියන එකයි කරන්න ඕන කියලා. ඔයා මට වැඩිය දොස් කියන එකක් නැහැ කියලා මං හිතනවා”

ඉනික්බිති ඔහු ඇයට කීවේ ය. ඒ සඳහා උපරිමයෙන් විනාඩි තුන හතරක් මිස ඊට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය බොහෝ සෙයින් නිශ්චලව ඒ සියල්ල අසා සිටියේ කැලඹීමක් මුසු වූ ත්රාලසයකිනි. ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා ඔහු ඇයගෙන් දුරස් වෙමින් සිටියේ ය.

“ඉතින් ඒක තමයි විස්තරය” ඔහු අවසන් වශයෙන් කී ය. “මං දන්නවා මේ ඔයාට මේක කියන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා, ඒත් වෙන ගැලපෙන වෙලාවක් එන එකක් නැහැ. මම කොහොමත් ඔයාට සල්ලි දෙන්නම්ල ඔයාගේ වැඩ කටයුතු ගැන බලන්නම්ග ඒත් ඔයා ප්රමශ්න ඇති කරන්නේ නැතිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවාග එහෙම වුනොත් මගේ රස්සාවට හොඳ නැහැ”

ඇයට මුලින්ම සිතුණේ ඒ කිසිවක් විශ්වාස නොකර ප්රනතික්ෂේප කරන්නට ය. සමහරවිට ඔහු කිසි දෙයක් නොකියන්නට ඇති බවත්ල මේ සියල්ලම ඈ සිතින් මවා ගන්නට ඇති බවත් ඇයට සිතිණිග සමහරවිට ඈ සුපුරුදු වැඩකටයුතු වල නියැලුනොත්ල මේ කිසිවක් නොඇසුණා සේ රඟපෑවොත් ටික වෙලාවක් යද්දී මේ කිසිවක් සිදු නොවූ බව ඇයට දැනෙනු ඇත.

“මම කෑම ලෑස්ති කරන්නම්” ඇය රහසෙන් මෙන් කියන්නට සමත් වියග මෙවර නම් ඔහු ඇයව වැළකුවේ නැත.
කාමරය හරහා ගමන් කරද්දී ඇයට තමන් පාවෙන බවක් දැනිණි. සුළු අප්පිරියාවක්ල ඔක්කාර ගතියක් ඇරෙන්නට ඇයට වෙන කිසිවක් දැනුණේ නැත. ඇය යාන්ත්රිුකව මෙන් බිම් මහලට ගොස්ල විදුලි බුබුල දල්වා ෆ්රීසරය විවර කර අත ගැටුණු පළමු දේ පිටතට ගත්තා ය. එය ඔතා තිබුණු කඩදාසිය ඉවත් කර ඇය එය දෙස බැලුවා ය.

එය බැටළු මස් ගාතයක් විය.

එහෙනම් ඔවුන්ට රෑ කෑමට බැටළු මස් අහාරයට ගනු හැක. මස් ගාතයේ සිහින් කෙළවර දෑතින්ම අල්ලාගෙන ඇය එය යළි උඩුමහලට ගෙන ගියා ය. විසිත්ත කාමරය හරහා යද්දී ඔහු ඇයට පිටුපා කවුළුවෙන් පිටත බලා සිටිනු දැක ඇය නැවතුණා.

“දෙවියන්ගේ නාමෙට මට කෑම හදන්න එපා” ඇය නැවත ආ හඬ ඇසුණත් ආපසු හැරී නොබලාම ඔහු කීය. “මම එළියට යනවා”

ඒ මොහොතේ මේරි ඔහු වෙත ඇවිද ගොස්ල බිඳක්වත් නොනැවතීල ඈ අත තිබුණු සීතලෙන් ගල් වූ මස් ගාතය ඉහළට ඔසවා හැකි වෙර යොදා ඔහුගේ හිස පසුපසට පහර දුන්නා ය.

එය යකඩ ආයුධයකින් ගැසූ පහරක් තරමට ශක්තිමත් විය.

ඈ අඩියක් පසුපසට ගෙන බලා සිටියා යග වඩාත්ම පුදුම සහගත කරුණ වූයේ පහර වැදුණු පසු ත් ඔහු තත්පර හතරක් පහක් වැනි වැනී සිටගෙනම පසුවීමයි. ඉන්පසු ඔහු කපා හෙළූ කඳක් සේ බිම ඇද වැටුණි.

ඔහු ඇද වැටුණු හඬේ බියකරු බවල ඔහුගේ සිරුරේ ගැටී මේසයක් උඩු යටිකුරු වීම වැනි දේ ඇයව කම්පනයෙන් මුදවා ගැනීමට සමත් වියග ඇය සෙමෙන් සිහි එලවා ගනිමින් සිටියා ය. ඇයට පුදුමයක් ද තද සීතලක් ද දැනෙමින් තිබිණි. වේගයෙන් ඇසිපිය හෙලමින් ඇය ඔහුගේ සිරුර දෙස බලා සිටියේ ඒ විහිලු සහගත මස් ගාතය දෑතින්ම තදින් අල්ලාගත්වනම ය.

හරි.. ඈ තමාටම කියාගත්තා ය. මම එයාව මැරුවා.

ඇගේ මනස හදිසියේම නිරවුල් වී තිබුණේ පුදුම සහගත ලෙස යග ඇය ඉතා වේගයෙන් සිතන්නට විය. රහස් පරීක්ෂක නිලධාරියෙක්ගේ බිරිඳ වූ ඈ මීට අදාළ දඬුවම ගැන හොඳාකාරවම දැනගෙන සිටියා ය. ඇයට ඒ ගැන කම්පාවක් දැනුණේ නැති අතර එය එක්තරා ආකාරයක සැනසිල්ලක් සේ සිතෙමින් තිබිණි. එහෙත් දරුවාට කුමක් සිදුවනු ඇතිද? නූපන් දරුවන් කුසේ දරාගත් මිනීමරුවන් වෙනුවෙන් තිබුණේ කවරාකාරයේ නීති ද? ඔවුන් අම්මාත් දරුවාත් දෙදෙනාම මරා දැමුවා ද? නොඑසේ නම් දඬුවම දීමට දරුවා බිහි වන තුරු බලා සිටියා ද?

මේරි මැලෝනි ඒ ගැන දැන සිටියේ නැතග ඒ නිසා ඒ අවදානම ගැනීමට ඇගේ සූදානමක් තිබුණේ ද නැත.

ඇය මස් ගාතය කුස්සියට ගෙන ගොස්ල එය බඳුනක බහාල විදුලි පෝරණුව ක්රිබයාත්මක කරල එය ඊට ඇතුළු කළා යග ඉනික්බිති දෑත සෝදා ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියා යග කැඩපත ඉදිරියේ හිඳ කොණ්ඩය පිළිවෙල කර වත්සුණු තවරා ගත්තා යග ඇය සිනාවක් පලඳාගන්නට උත්සාහ කළ නමුත් එය අමුතු විරිත්තීමක් සේ දිස් වියග ඈ යළි වරක් උත්සාහ කළා යග

“හෙලෝ සෑම්” ඈ උද්යෝගයෙන්ල ශබ්ද නගා කැඩපතට කීවා ය.
ඇගේ කටහඬේ තිබුණේ නොගැලපෙන ස්වරයකි.

“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්ල බෝංචි ටින් එකකුත් දෙන්න”
එවර නම් ඇගේ කටහඬත් සිනාවත් සාමාන්යම වෙමින් තිබිණිග ඇය තව කීපවරක් ඒ ස්වරය අභ්යාපස කළා ය. ඉන්පසු පහත මාලයට දිවගොස්ල කබාය ඇඟලාගෙනල නිවසේ පසුපස දොරින් පිටවී මහමඟට බැස්සා ය.

වෙලාව සවස හය පසු වී නොතිබුණත් කඩය තුළ විදුලි බුබුළු දැල්වී තිබුණි.

“හෙලෝ සෑම්” ඇය කවුන්ටරය පසුපස උන් මිනිසා වෙත සිනාවක් පාමින් කීවා ය.

“සුබ සන්ධ්යාුවක් මිසිස් මැලෝනිල කොහොමද?”
“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්ල ආගග ඔව්ල බෝංචි ටින් එකකුත් දෙන්න”
ඔහු ඈ ඉල්ලූ දෑ දීමට උත්සුක විය.

“පැට්රිූක් ට මහන්සිලුල අද රෑ කෑමට එලියට යන්න බැහැලු” ඈ ඔහුට කීවායග ර්‍ණඅපි සාමන්යසයෙන් බ්ර හස්පතින්දාට රෑ කෑමට එළියට යනවාග අද ඉතින් ගෙදර උයන්න එලවලු මොනවත් නැති බව එයාට අහු වුණා”

“එහෙනම් මස් ටිකකුත් ඕනද මිසිස් මැලෝනි?”

“නෑල බොහොම ස්තූතියිල මස් තියෙනවාග මම ෆ්රීසර් එකෙන් හොඳ බැටළු මස් ගාතයක් ගත්තා”

“ආෟ”

“අනේ මන්දා සෑම්ල මම නම් ඒතරම් කැමති නැහැ හීතල පිටින්ම මස් උයන්නල ඒත් අද ඒක කරන්න වුණා. ඔයා හිතන්නේ ප්රිශ්නයක් නැතිවෙයිද?”

“මම නම් හිතන්නේ ඕකේ ලොකු වෙනසක් නැහැ කියලා” කඩහිමියා කීය ර්‍ණමේ ලොකු අල වලින් දාන්නද?”

“ඔව් ඒවා හොඳයිල එයින් දෙකක් දාන්න”

“වෙන මොනවාද?” ඔහු හිස ඇල කර ඇය දෙස බලා සිනාසෙමින් ඇසීයග ර්‍ණකෑමට පස්සේ? අතුරුපසට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ?”

“සෑම් හිතන්නේ මොනවාද හොඳ?”

කඩහිමියා කඩය සිසාරා නෙත් යොමු කළේයග ර්‍ණ ලොකු චීස්කේක් කෑල්ලක් දුන්නොත් මොකද? එයා ඒවාට කැමති බව මම දන්නවා”

“නියමයි” ඈ කීවායග ර්‍ණඑයා චීස්කේක් කන්න හරිම ආසයි”

හැමදේම ඔතා අසුරා දුන් පසු ඈ මුදල් ගෙවාල ඇගේ කාන්තිමත් ම සිනහව ඔහුට දී ර්‍ණබොහොම ස්තූතියි සෑම්ල සුබ රාත්රි්යක්” කීවාය.

“ඔබටත් බොහොම ස්තූතියි මිසිස් මැලෝනිල සුබ රාත්රිනයක්”

දැන් මේ සිදුවන්නේ රෑ කෑම පිළියෙළ කෙරෙන තුරු බලා සිටින තම සැමියා වෙත් තමන් ඉක්මනින් ගෙදර යෑම බව ඇය තමන්ටම කියා ගත්තායග ඔහු දවස පුරා වෙහෙසවී ගෙදර පැමිණ ඇති නිසා ඇය රෑ කෑම හැකි තරම් රසවත් ව පිළියෙළ කළ යුතු යග මෙවැනි සිතුවිල්ලකින් නිවසට යන ඇය හට හදිසියේ වත් එහිදී අසාමාන්යවල බියකරු දෙයක් දකින්නට ලැබුණොත් ඇය කම්පනයත් ශෝකයත් නිසා උමතුවෙන් මෙන් හැසිරෙන්නට ඉඩ ඇත. එහෙත් ඇය එවැනි කිසි දෙයක් තුන් හිතකින් වත් බලාපොරොත්තු වන්නේ නැත. ඇය මේ කඩයෙන් එළවලු මිළදීගෙන ගෙදරට යනවා පමණිග මිසිස් පැට්රිොක් මැලෝනි බ්රනහස්පතින්දා හවසක කඩෙන් එළවලු මිළදීගෙන තම සැමියාට රෑ කෑම සූදානම් කරන්නට ගෙදර යනවා පමණි.

එහෙමයි ක්රරමයල ඇය ඈ ටම කියාගත්තායග හරි විදිහටල සාමාන්යා විදිහට හැම දේම කරන්නග හැමදේම ස්වභාවිකව කරද්දී රඟපාන්නට වුවමනා නොවනු ඇත.

ඉතින් මේ විදිහට සිතූ නිසා නිවසේ පසුපස දොරටුවෙන් ඇතුළු වෙද්දී ඈ පුංචි තාලයක් මුමුණමින්ල සිනාසෙමින් සිටියා ය.
“පැට්රි ක්ෟ” ඈ හඬ නඟා කතා කළා යග ර්‍ණඔයාට කොහොමද ඩාලිං?”

ඇය අත වූ පාර්සලය මේසය මත තැබූ ඈ විසිත්ත කාමරය වෙත ගියා යග එසේ ගොස් හදිසියේම ඔහු එහි බිම වැටී සිටි අයුරු දුටු විට ඔහුගේ දෙපා ඇකිලීල අතක් සිරුරට යටවී ඇඹරී තිබෙනු දුටු විට ඇයට සැබවින්ම කම්පනයක් දැනුණිග ඔහු ගැන ඇගේ සිතේ නිධන්ගතව තිබුණු ආදරය උතුරායන්නට වියග ඇය ඔහු වෙත දිවගොස්ල ඔහු අසල දණගසාගෙන වැළපෙන්නට වියග එය කෙතරම් පහසු වීද යත් කිසිම රඟපෑමක් අවශ්යි වූයේ නැත.

විනාඩි කිහිපයකට පසු ඇය නැගිට දුරකථනය වෙත ගියා යග පොලීසියේ දුරකථන අංකය ඇය දැන සිටි අතර අනෙත් පසින් පිළිතුරු ලැබුණු විට ඈ කෑගසන්නට වියග

“ඉක්මනට එන්නෟ ඉක්මනටෟ පැට්රියක් මැරිලාෟ”

“කවුද කතාකරන්නේ?”

“මිසිස් මැලෝනිල මිසිස් පැට්රි ක් මැලෝනි”

“මොකක්? පැට්රිුක් මැලෝනි මැරිලා?”

“මට එහෙම හිතෙනවා” ඈ හඬා වැටෙන්නට වියග ර්‍ණඑයා බිම වැටිලා ඉන්නේල මට හිතෙන්නේ එයා මැරිලා කියලා”
“අපි ඉක්මණටම එනවා”

පොලිස් රථය ඉතාමත් ඉක්මණින් පැමිණියේ යග ඇය දොර විවර කළ විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ඇතුළු විය. ඈ ඔවුන් දෙදෙනාව හැඳිනුවායග ඈ ඒ පොලිස් ස්ථානයේ හැම දෙනෙක්ම පාහේ හැඳිනුවා යග ඇය වැළපෙමින් ජැක් නූනන් නම් පොලිස් නිලධාරියාගේ සිරුරට බර වියග ඔහු සෙමෙන් ඇයව පුටුවක අසුන් ගැන්වුවේය.

“එයා මැරිලාද?” ඇය හඬමින්ම ඇසුවා ය.

“බොහොම කණගාටුයිල මැරිලා නම් තමයිග මොකද වුණේ?”

ඇය කඩයට ගිය අයුරුල ආපසු නිවසට ආ පසු ඔහු බිම වැටී සිටිනු දුටු අයුරු කෙටියෙන් විස්තර කළා ය. ඇය හඬමින් විස්තර කියද්දී නූනන් නම් පොලිස් නිලධාරියා මියගිය මිනිසාගේ හිස පසුපස වියළි ලේ පැල්ලමක් දුටුවේයග ඔහු වහාම දුරකථනය වෙත ගියේ ය.

වැඩි වෙලාවක් ගතවන්නට මත්තෙන් දොස්තර කෙනෙක් රහස් පරීක්ෂක වරුන් දෙදෙනෙක් පොලිස් ජායාරූප ශිල්පියෙක් ඇඟිලි සලකුණු විශේෂඥයෙක් ඇතුළු තවත් නිලධාරීහු කිහිපදෙනෙක්ම පැමිණියහ. මල සිරුර අසල රහස් සාකච්ඡා පැවැත්විණිග රහස් පරීක්ෂක නිලධාරීන් ඇගෙන් නොනවත්වා ප්රිශ්න රැසක් අසන්නට විය. ඔවුහු ඇයට කරුණාවෙන් කතා කළහ. ඇය යළිත් මුල සිටම ඇගේ කතාව කීවා ය. පැට්රිහක් එද්දී ඈ ඇඳුමක් මසමින් සිටි බවල ඔහුට මහන්සි වැඩි නිසා කෑමට එළියට නොගොස් සිටින්නට තීරණය කළ බව ඇය මස් පිසීම සඳහා පෝරණුවට දමා එළවලු ගෙන ඒමට කඩයට ගොස් එද්දී ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කළා ය.

“කොයි කඩේ ද?” එක් නිලධාරියෙක් ඇසීය.

ඇය ඊට පිළිතුරු දුන් විට ඔහු ඇගෙන් ඉවතට හැරී තවත් නිලධාරියෙකුට රහසින් යමක් කීවේ යග දෙවැන්නා වහා වහා නිවසින් පිටතට ගියේ ය.

පැය කාලකින් ඔහු නැවත පැමිණියේ සටහන් පිරුණු කඩදාසියක් අතැතිව යග වැළපෙමින් සිටි ඇයට ඔවුන්ගේ රහස් සාකච්ඡාවල ඇතැම් වැකි ඇසිණි.

“බොහොම සාමාන්ය් විදිහට හිටියේගග සතුටින්ගග මහත්තයාට හොඳ කෑමක් දෙන්න ඕනෑකම තිබුණාල බෝංචිල චීස්කේක්ගග එයා නම් වෙන්න විදිහක් නැහැ”

ටික වෙලාවකට පසු දොස්තරත්ල ජායාරූප ශිල්පියාත් තව මිනිසුන් දෙදෙනෙකුත් සිරුර රැගෙන ගියහ. ඇඟිලි සලකුණු ශිල්පියාත් ගිය පසු ඉතිරි වූයේ රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනාත් පොලිස් නිලධාරීන් දෙදෙනාත් පමණිග ඔවුන් ඇයට සැලකුවේ ඉතා විනීතව ය. ඇයට මේ නිවසින් පිටව යන්නට ජැක් නූනන් යෝජනා කළේ යග ඇගේ සොයුරියගේ නිවසට එසේත් නැත්නම් ඔහුගේම නිවසට වුව යා හැකි බවත් ඔහුගේ බිරිඳ ඇයට නවාතැන් දෙනු ඇති බවත් ඔහු කීය.

එහෙත් ඇය ඒ යෝජනා සියල්ල ප්රේතික්ෂේප කළා යග ඇයට අඩියක් වත් සෙලවෙනු බැරි තරමේ අපහසුවක් දැනෙන බව කී ඇය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් නොකරන බවට පොරොන්දු වී එතැනම රැඳී සිටින්නට අවසර ඉල්ලුවා ය.

ඇයට අමාරුවක් දැනෙනවා නම් නිදන කාමරයට ගොස් මඳක් වැතිරී සිටීම වඩාත් සුදුසු නොවන්නේදැයි එවර ජැක් නූනන් විමසුවේ ය.

ඇයට ඒ පුටුවටම වී ටික වෙලාවක් සිටින්නට අවශ්යඳ බව ඇය කියා සිටියා යග ටික වේලාවක් ගත වූ පසු ඇයගේ අමාරු ගතිය පහවූ විට ඇය එතැනින් ඉවත්වන බව කීවා ය.

ඉන්පසු ඔවුහු ඇයට එතැනම ඉන්නට ඉඩ හැර නිවස පරීක්ෂා කිරීමේ නියැලුණහග ඉඳහිට රහස් පරීක්ෂක වරයෙක් ඇයගෙන් ප්ර්ශ්නයක් දෙකක් අසනු පෙනිණි. ඇගේ සැමියා මියගොස් ඇත්තේ හිසේ පසුපසට එල්ල කළ තද පහරක් නිසා බව ජැක් නූනන් ඇයට සෙමෙන් පැහැදිලි කළේය. ඔවුහු ඒ ආයුධය සොයමින් සිටියහ. මිනීමරුවා එය රැගෙන පලායන්නට ඉඩ තිබුණු බවත් නොඑසේ නම් එය ඉවත දමා හෝ සඟවා යන්නට ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.

“මේක ඉතින් පරණ කතාවම තමයිග ආයුධය හොයාගත්තොත් මිනීමරුවා අල්ලන්න පූළුවන්”

ටික වෙලාවකට පසු එක් රහස් පරීක්ෂකවරයෙක් ඇය අසලින් අසුන් ගෙන නිවසේ ආයුධයක් ලෙස භාවිත කළ හැකිව තිබුණු දෙයක් ගැන ඇයට අදහසක් තිබුණේ දැයි විමසුවේ ය. මුරිච්චි යතුරක්ල එසේත් නැත්නම් බර යකඩ මල් පෝච්චියක් වැනි දෙයක් නිවසින් අතුරුදන් වී ඇත්දැයි සොයා බලන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

ඔවුන්ගේ නිවසේ යකඩ මල් පෝච්චි නොතිබුණු බව ඈ කීවා යග

“එහෙනම් මුරිච්චි යතුරක්?”

එවැනි ආයුධයක් නොතිබුණු බවට ඇයට විශ්වාස නමුත් එවැනි වෙනත් දේ ගරාජයේ තිබෙන්නට හැකි බව ඈ කීයග

නිවස පරීක්ෂාකිරීම නොකඩවාම සිදු වියග තවත් පොලිස් නිලධාරීන් නිවස වටා සැරිසරන බව ඇය දැනගෙන සිටියා යග ඔවුන්ගේ අඩි ශබ්දය මිදුල දෙසින් නිරතුරුව ඇසුණු අතර වරින්වර විදුලි පන්දම් එළියක් තිර රෙදි අතරින් පෙනිණිග ඒ වෙද්දී රාත්රි ය එළැඹි තිබුණිග වෙලාව රාත්රීද නමයට ආසන්න බව සාලයේ ඔරලෝසුවෙන් ඇය දුටුවා යග නිවස පරීක්ෂා කරමින් උන් නිලධාරීන් සිව් දෙනා හෙම්බත් ව සිටියහ.

“ජැක්” ඊළඟ වතාවේ ජැක් නූනන් එතැනින් යන්නට ආ විට ඈ ඔහුව ඇමතුවේ යග ර්‍ණමට අතනින් බොන්න මොනවා හරි ගෙනැත් දෙනවා ද?”

“හරි ඉන්න මම දෙන්නම්ල ඔයා කිව්වේ විස්කි ද?”

“ඔව්ල හැබැයි පුංචි වීදුරුවක්ග එයින් මගේ අමාරු ගතිය මඟ ඇරිලා යන්න පුළුවන්”
ඔහු ඇය අතට වීදුරුවක් දුන්නේ ය.

“ඔයාත් එකක් බොන්නග දැන් හොඳටම මහන්සි ඇතිනේග මට කොයිතරම් හොඳට සැලකුවාද ඔයගොල්ලෝ හැමෝමග”

“අපේ නීති වලට නම් පටහැනියිල ඒත් මම පොඩ්ඩක් බොන්නම්ල නැතිනම් තව ටිකක් වෙලා යන්න කළින් මාව මහන්සියට ඇදගෙන වැටෙයි”

එයින් පසු එතැනට පැමිණි අනෙත් අයත් මඳ පෙරැත්තයකින් පසු පුංචි විස්කි වඩියක් බීමට එකඟ වියග ඔවුහු වීදුරු අතැතිව තැන තැන සිටගෙන සිටි අතර ඈ ළඟපාතක සිටි නිසා අපහසුතාවයෙන් එකල මෙකල වෙමින් ඇගේ හිත හැදීමට නොයෙක් දේ කියමින් පසු වූහග කුස්සියට යන්නට ගිය ජැක් නූනන් යළිත් එසැණින් නැවත පැමිණියේ ය

“මිසිස් මැලෝනිල තාම පෝරණුව වැඩකරන බව දන්නවාද? මස් ටික තාම ඇතුලේ ද?”

“ආ ඔව්නේෟ හැබෑටමෟ” ඇය කීය.

“මම ඒක නිවලා දාන්නද?”

“අනේ ජැක් ඒක නිවනවාද? බොහොම ස්තූතියි”

පොලිස් නිලධාරියා දෙවෙනි වරට කුස්සියෙන් පිටතට එද්දී ඈ කඳුළු පිරුණු විශාල දෑසින් ඔහු දෙස බැලුවා ය.

“ජැක් නූනන්”

“ඔව්?”

“ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න?- ඔයාටයි මේ අනෙත් කට්ටියටයි?”

“අපි උත්සාහ කරන්නම් මිසිස් මැලෝනි”

“මෙතැන ඉන්න හැමෝම පැට්රිසක් ගේ හොඳ යාලුවෝ ඔයගොල්ලෝ ඇවිත් ඉන්නේ එයාව මැරුව මිනීමරුවා අල්ලන්න. ඔයගොල්ලන්ගේ රෑ කෑම වෙලාව දැන් හොඳටම පහුවෙලා නිසා හැමෝටම දැන් උහුලන්න බැරි තරම් බඩගිනි ඇතිග ඔයගොල්ලන්ට කෑම ටිකක් නොදී ගෙදර තියාගත්තා කියලා දැනගත්තොත් පැට්රිබක්ගෙන් මට කවදාවත් සමාවක් ලැබෙන එකක් නැහැග ඔයගොල්ලෝ එකතුවෙලා අර කෑම ටික කනවාද? පෝරණුවේ තිබුණු මස් ටික මේ වෙද්දී ගාණට හරි ගිහින් ඇති.”

“කොහොමවත්ම බැහැ” නූනන් කීය.

“අනේ කොහොමහරි කන්න” ඈ බැගෑපත් වූවාය. ර්‍ණමට නම් කිසි දෙයක් කටේ තියන්න බැහැග එයා ඉන්දැද්දී උය උයා හිටිය දෙයක් නම් කොහොමවත්ම කන්න බැහැග ඒ නිසා ඔයගොල්ලෝ ඒ ටික කෑවොත් මට ඒක ලොකු උදව්වක් වේවිග ඊටපස්සේ රාජකාරි ඉවරකරන්න”

නිලධාරීහු කිහිපදෙනා මුලදී අදිමදි කළත් ඔවුන් හැමදෙනාම තද කුසගින්නෙන් පසු වුණු බැවින් අවසානයේදී හැමදෙනාම කුස්සියට ගොස් කෑම බෙදාගන්නට වූහග කාන්තාව ඇය උන් තැනම හිඳිමින් ඔවුන්ගේ කතාබහට සවන් දෙමින් සිටියායග මස් තළුමරමින් ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටි ඔවුන්ගේ හඬ ඇයට ඇසිණි.

“තව ටිකක් බෙදා ගන්න චාලි”

“ඉවර කරන්න හොඳ නැහැ නේද?”

“එයා කිව්වේ අපිට ඉවර කරන්න කියලා,ඒ නිසා කමු”

“පැට්රිවක් ට ගහන්න මිනීමරුවා පාවිච්චි කරලා තිබුණේ ලොකු ආයුධයක්ග දොස්තර කිව්වේ හිස්කබල කුඩුවෙලා කියලා”

“ඒ නිසාම තමයි ඒක හොයාගන්න එක ලේසි වෙන්න ඕන”

“ඔව් මමත් හිතුවේ ඒකමයි”

“ඔයතරම් ලොකු ආයුධයක් නම් මිනීමරුවාට පැනලා යද්දී ඕක උස්සාගෙන යන්න බැහැනේ”

“මම නම් කියන්නේ ඕක මේ හතර මායිමේ ම ඇති”

“සමහරවිට අපේ නහයවල් යටම ඇතිල මොකද කියන්නේ ජැක්?”

එහා කාමරයේ මේරි මැලෝනි සෙමෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.

 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)