බුද්ධි ගලනය – -අතුල විජේවික්‍රම

No Comment 12 Views
බුද්ධි ගලනය
 
එකම කන්දක් ඇතුළෙ සාරයන් උර උරා
එකම උල්පතින් අපි එකට එලියට ගියා 
කඳු මුදුන් නිම්නයන් මැදින් දිය ඇලි සදා 
බසින විට අපේ දම තවත් සැරසී ගියා 
 
පෙනෙන විට ඉදිරියේ වියළි  ඉරිතැළුණු බිම් 
නොදැනුණා  නොවේ නුඹගේ වෙනස මුහුණතින් 
ඉදිරියට යද්දි  මා ඒ දුඹුරු බිම මැදින් 
හැරුණි නුඹ මුහුද දෙස තිබුණු පොඩි හිඩැසකින් 
 
සිරි සිසිරි හඬින් මා වැළඳගත් විට ඔවුන් 
හද ඉපිල ගිය සතුට දැනී නැහැ කිසිවකින් 
ඉඳහිටලා වෙරළෙ හැපිලා ගියත් විරසකින් 
ඒ සුවය නුඹට වැටහෙන්නේ නැහැ සත්තකින් 
 
-අතුල විජේවික්‍රම 
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)