No Comment 58 Views

නූතන උපදේශ කවි

ආදරය
පැන්සලයක් මෙන්
ගෙවී යයි

එහි හිසෙහි එල්ලීගෙන සිටින
විල්ල දක්වා ගෙවුණ
හමගිය හොකර මකන පොත්ත දෙස බලා
ඔබ පත්ව ඇති ඛේදය
වටහා ගන්න

අනතුරුව
හොම්බෙන් ගිය බල්ලෙක් මෙන්
රෑ පුරා
වීදියම ඇහැරවමින් කරන
ඔබේ ඔය විකාර උඩුබිරීම නවතා
ඉතින් ඊට සමුදෙන්න

උදයංග අමරසේකර
ප්‍රංශය

සිතුවම පසිඳු ඔස්ත්‍රියානු සිත්තර එගොන් ෂියෙල් (Egon Schiele, 1890-1918) විසිනි.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)