විසූක දස්සන — පී.එම්.පතිරණ

No Comment 9 Views

අලංකාර පිල් පුරාම
අහංකාර රුව වඩවන
සඳැස් රටා විසිරුනාට
නෙත් පිනවන පාට පාට

නුඹෙ කට හඬ සවන් පෙළන
සඳැස් කවක් නොවේ
නිසඳැසකුත් නොවේ

මයුර වුවත් මියුරු සරක්
නුඹට උරුම නොවේ

ඔටුන්න සිරසින් දැරුවට
හිටින්න බැරි පිළිවෙලකට
මෝඩ රජෙක් සිහසුනමත
විගඩම් පානවා වැන්න
පස්සෙන් සිට බැලූ කලට
නුඹේ මියුරු මයුර නැටුම
–පී.එම්.පතිරණ

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)