භාෂා ප‍්‍රාඥයා – ඩබ් එච් උපසේන

No Comment 155 Views

බ‍්‍රසීල ලේඛක, හරිකුවෙස් ඩිලීමා බරෙටෝ
කළු සුදු දෙමාපිය යුවලකට දාව උපන් හරිකුවෙස් ඩිලීමා බරෙටෝ වෘත්තියෙන් සිවිල් සේවකයෙක් විය. බ‍්‍රසීලයේ ශ්‍රේෂ්ට නවකතාකරුවකු වශයෙන් පිදුමි ලැබූ ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ සමාජ විචාරකයකු වශයෙනි. ඇමෙරිකානු සාහිත්‍ය විචාරකයකු වන ඬේවිඞ් ජැක්සන් පවසන්නේ, ඩිලිමා බැරෙටෝ සිය ලේඛන කලාව තියුණු සාමාජ විචාරක අවියක් ලෙස යොදා ගෙන තිබෙන බවය. 1915 දි ඔහු ලියා පල කළ triste flim de policorpo quarema නමැති නවකතාවෙන් ඔහු සමස්ත බ‍්‍රසිලියානු සමාජය පිළිබඳවම මහා ප‍්‍රහසන චිත‍්‍රයක් මවා පායි.

බ‍්‍රසීලියානු සාහිත්‍යයට කළ මහැගි සේවාව වෙනුවෙන් සිය ජීවිතයේ අවසාන කාලයේදි විශේෂ සම්මානයක් බරෙටෝ වෙත ප‍්‍රදානය කරන ලදී. මේ කෙටිකතාව ඔහු විසින් 1920 දී ලියා පල කළ කෙටිකතා සංග‍්‍රහයක එන The man who knows Javanese නම් කෙටිකතාවේ සිංහල අනුවාදයයි.

 

කැස්ට්‍රෝ මට හම්බවුණේ කාලෙකට පස්සේ. මිනිහා මගේ හොඳ මිතුරෙක් ඉතින් එහෙම කෙනෙක් ගාවෙදි දොඩමළු වන එක අහන්න දෙයක්යැ. ඉතින් ජීවිතේ බොහොම ගෞරවාන්විතව කළ යුතු දේවල්වලින් යටි මඩි ගැසූ හැටි මට බොහොම සැහැල්ලූවෙන් විස්තර කරන්න ඔහු ඉදිරියේදී පුළුවන් වුණා. මනාවුස්වලදී එ් කාලෙ මම කරපු නීතිඥ වෘත්තිය සඟව ගෙන මගේ ගනුදෙනු කරුවන්ගෙ වැඩි ප‍්‍රසාදයක් දිනා ගත්තෙ ශාස්ත‍්‍රරකාරයකු ලෙස හෝ ඉන්ද්‍රජාලිකයකු ලෙස පෙනී සිටිමිනුයි. අපි බීම වීදුරු දෙක බී හමාර කළ විට කැස්ට්‍රෝ මම කරපු විස්තරවලින් හොඳටම පුදුමයට පත්වෙලා හිටියෙ. ‘උඹ නං මාර ජීවිතයක් නෙ බං ගත කරල තියෙන්නෙ.’

ප‍්‍රතිචාරයෙන් මම වඩාත් ධෛර්යයට පත්වුණා.’ කැස්ට්‍රෝ. මේ සමාජය දිහා බලල අපිට අපේ ජීවිතේ ගැන බොහොම ලස්සන දේවල් ලියන්න පුළුවන්. උඹ විශ්වාස කරනවද මන්ද මම ජාවා භාෂාව එ් කියන්නෙ මලය රටේ භාෂාව උගන්න ගුරුවරයෙක් වෙලා අන්තිමට කවුන්සල්වරයෙක් දක්වා ඉහළ ගියා කියල?’

‘ඇත්තටම කියාපං මොකක්ද වුණේ කියල. උඹට තව බිටර් එකක් ගෙනැල්ල දෙන්නද?’

‘හරි… හරි…. මම කතාව පටන් ගත්ත. මම රියෝවලට එන කොට අතේ පිච්චියක් නෑ. මම එක බෝඩිමක ඉඳල තව එකකට හිමීට මාරු වෙවි හිටියේ. කීයක්වත් හොයා ගන්නෙ කොහොමද කියල නිනව්වක් නැතිව. ඔන්න එක දවසක් කොමරසියෝ සඟරාවෙ මෙන්න මේ වගේ දැන්වීමක් තිබුණ. ‘ජාවා භාෂාව දන්න ගුරුවරයෙක් ඕනෑ කර තිබේ.’

. මෙි රස්සාවට ඉල්ලන ගොඩක් අය නැතිව ඇති කි්යල මට හිතුන. මේ ජාවා භාෂාවෙ වචන දෙකක් තුනක් ඉගෙන ගන්න පුළුවන් නං මට ඇහැක් වෙයි මෙිකට උත්සාහයක් දාන්න.’

. මම මොකුත් හිතන්නෙ නැතිව එහෙමම ගියා ලයිබි‍්‍රයට. ඊට පස්සෙ විශ්ව කෝෂෙ ජේ අකුර තියෙන කාණ්ඩෙ අරගෙන බැලූව ජාවා රට ගැනයි. ජාවා භාෂාව ගැනයි මොකක් හරි විස්තරයක් තියෙනවද කියලා. මං හිතුව හරි. විනාඩි ගාණක් ඇතුළත දැන ගත්ත, ජාවා කියන්නෙ සොන්ඩා කියන ¥පත් සමූහය අතර තියෙන විශාල ¥පතක් කියන එක. ඒක, එ් කාලෙ ලන්දේසි යටත් විජිතයක්. එතකොට ජාවා භාෂාව පවුලට අයිති එ් රටටම ආවේණික භාෂාවක්. එ් වගේම එ් රටටම අදාළ සාහිත්‍යයක් තියෙනවා. ජාවා භාෂාවෙ අකුරු පරණ හින්දි හෝඩියෙ අකුරුමයි……

. විශ්ව කෝෂයෙන්ම මම දැනගත්ත ජාවා භාෂාව ඉගෙනගන්න හදාරන්න ඕනි පොත් මොනවද කියලත්. ඉතින් එ් එක පොතක් අරගෙන භාෂාවෙ හෝඩිය හොයා ගෙන අකුරු ශබිද කරන විදියත් බලල එ්වා මතක් කර කර ආයෙත් පාර දිගේ ඇවිදින්න පටන් ගත්ත….

. මෙහෙම ඇවිද ගෙන යනකොට ජාවා භාෂාවෙ රූපාක්ෂර මගේ හිත ඇතුළෙ නටන්න පටන් ගත්ත. මම විටින් විට මං ලියාගත්ත කෙටි සටහන් දිහැත් බැලූව. ළඟ උද්‍යානයටත් ගිහිල්ල අකුරු වැල්ලේ ඇන්ද. එ් එ්ව මතකයෙ රඳවගන්නයි. අනික අතත් හුරුවෙනවනෙ. එහෙම ලිව්වම.

. මම ආයෙත් අර දැන්වීමම කියවල බැලූව. හරි, අහල තිබුණෙ ජාවා භාෂාව උගන්වන ගුරුවරයෙක් ගැන තමයි. මම ආයෙත් ලයිබි‍්‍රයට ගිහින් ජාවා භාෂාව ගැන තව ඉගෙන ගන්න පටන් ගත්තා. ජාවා භාෂාව උගන්වන ගුරුවරයෙක් හැටියට මම ඉගෙන ගන්න ඕනි. එ්කෙ හෝඩිය විතරද නැත්නම් භාෂාවෙ ඉතිහාසයත් උගන්වන්න වෙයිද යන ප‍්‍රශ්නයත් මගේ හිතේ තිබුණ. මට කොහොමටත් ජාවා භාෂාවෙ ආශි‍්‍රත ග‍්‍රන්ථ ගැනයි, එහි ඉතිහාසය ගැනයි උනන්දුවක් තිබුණ. එ් හරිය උගන්වන්න ලැබුණොත් කොච්චර එකක්ද? එ්ත් මට එදා එච්චරම දෙයක් ඉගෙන ගන්න නං බැරි වුණා…..

. දවස් දෙකකට පස්සෙ මට ලියුමක් ආවා රොක් කොන්ඩි කියන සමාගමේ සේවය කරන ආචාර්ය මනුවෙල් ෆෙලිසියානෝ හම්බ වෙන්න කියල. මේ තනතුර ගැන කතා කරගන්න….
. මම ඉතින් වැඬේට සූදානම් වුණා. මම එම භාෂාවෙ ලේඛකයින් කීපදෙනෙක්ගෙ නම් ටිකකුයි, ‘කොහොමද සැප සනීප?’ කියල ජාවා භාෂාවෙන් අහන හැටියි. එ්කෙ ව්‍යාකරණ රීති දෙක තුනකුයි ඉගෙන ගෙන තව තවත් සූදානම් වුණා….

. නියමිත දිනයේ ලිපිනය හොයාගෙන දහඩිය පෙරා ගෙනම එතෙන්ට ඇවිදින්න ගත්තා. පරණ අඹ ගස්වලින් පිරිච්ච නිකං අත් ඇරල දාපු වගේ නිවාසයක්, එ්ක. එ්ක දිරා යමින් තිබෙන එකක් වගෙයි මට පෙනුනෙ. මට එ් වෙලාවෙ හිතුන දෙයක් තමයි, මේ විදියට ගෙයක් දිරා දිරා හැලි හැලී යමින් තියෙන්නෙ, දුප්පත්කමට වඩා ඉන්න මිනිස්සුන්ගෙ නොසැලකිල්ල හින්ද කියල. මට තේරුන හැටියට අවුරුදු ගාණකින් බිත්තිවල තීන්ත ගාලත් නැහැ. එ්වයෙ සායම් තීරු පිටින් ගැලවිලා, කඩතොලූ මතුවෙමින් තිබුණ. වීදුරු උළු කැටවල කාලය ඉකුත් වෙලා. තැන් තැන්වල කෑලි නැහැ. එ්ව මට පෙනුනෙ හරියට කිසිම සැලකිල්ලක් නොදක්වපු දත් ඇන්දකට වෙච්ච දෙයක් වගෙයි. .

. එතකොට ගෙවත්ත පුරාම වල් වැවිල තිබුණෙ හරියට තැනින් තැන තිබුණ මල් පඳුරුවලින් පලිගන්න ආක‍්‍රමණය කරන්න හදනව විදියටයි. යාන්තම් පණ බේරගෙන වගේ මල් දෙක තුනක් පිපිල තිබුණ….

. මම ඉතින් දොරට තට්ටු කළා. හුඟ වේලාවක් ගියා එ්ක ආරෙන්න. ටිකින් ටික අඩි සද්දෙ ඇහෙන්න ගත්ත. ගෙදර තිබුණ පෞරාණිකකම නිසා මා හමුවෙන්න එන මිනිසා කෙරෙහි මා තුළ කිසියම් ගෞරවයක් පැලපදියම් වෙලා තිබුණට මිනිහ දැක්කට පස්සෙයි හිතුවෙ මෙතැනින් පැනල යන්නයි. එ් ඔහුගෙ වයස නිසා ඇතිවන ගෞරවාන්විත හැඟීම හින්ද ඔහුව මගේ ගෝලයා කරගෙන මේ වගේ රැුවටීමකට හසු කරන්න හොඳ නැහැ කියන සිතිවිල්ල ඇති වෙච්ච හින්දයි. එ්ත් මම දෙගිඩියාවෙන්ම එතනම රැුඳිල උන්නා….

‘මම තමයි, අර ජාවා භාෂාව උගන්වන්න ආපු ගුරුවරයා. ඔබතුමා අර දැන්වීමෙන් ඉල්ල තිබුණෙ.’ මම කථා කළා මුලින්ම….

ඊට පස්සෙ ඔහු බොහොම හෙමින් මෙහෙම ඇහුවා. ‘එහෙම නං මහත්තය මට ජාවා භාෂාව උගන්වන්න කැමතියි.?’

. මගෙන් පිළිතු ආවේ මං හිතන්නත් ඉස්සර වෙලා… ‘ඔව්.. ඔව් මට පුළුවන්.’

. සමහර විට මහත්තයට පුදුම ඇති. මම තමයි ජැකුවෙන්වල බැරන්වරයා මට ඕන කරන්නෙ පරම්පරාවෙ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න. සමහරවිට ඔහේ දන්නවද දන්නෙ නෑ මම තමයි, ඇල්බරනාස් කවුන්සිල්වරයාගේ මුණුපුරා. එයා ලන්ඩන් ගියාපු වෙලාවක අමුතු භාෂාවකින් ලියාපු පොතක් ගෙනැල්ල තියෙනවා. ජීවත්වෙලා ඉන්න කාලෙදි එයා එ් පොත ගැන බොහොම ගෞරවයෙන් කථා කළේ. තමන්ට කරපු උපකාරයට කළගුණ සැලකීමක් විදියට කවුරු හරි කෙනෙක් දුන්න එකක්. දුන්න මනුස්සය කියල තියෙන්නෙ මේක ජාවා භාෂාවෙන් ලියල තියෙනව කියලයි. මේ පොත අයිතිකාර ගත්ත කොනාගෙ ඔක්කොම අපල දුරුවෙලා වාසනාව උදාවෙනව කිව්වලූ….

‘සීය අපේ තාත්තට කියල තියෙන්නෙ. මට නං මෙිව ගැන එච්චරම විශ්වාසයක් නැහැ. කොහොම වුණත් මේක උඹේ පුතාටත් පවරපන්.’ කියලයි. ‘එයාට හරි කියපන් මේකෙ තියන ඒව අවබෝධ කරගන්න.’ කියලත් කිවිව……

. තාත්තා මහලූ වෙනකල්ම මේ ගැන කිසිම විශ්වාසයක් තිබිබෙ නැහැ. නමුත් පොත එයා ගාවම තියාගත්ත. මැරෙන කොට තමයි, මේ පොතේ වග මට කිව්වෙ. හැබැයි මමත් මේ ගැන එච්චරම විශ්වාසයක් තිබිබෙි නැහැ. මං මගේ පාඩුවෙ ජීවත් වුණා. ඉතින් මේ ගැන නිනව්වක් නැති වුණා. එ්ත් මෑත කාලෙදි මගේ හිතට වද දෙන ප‍්‍රශ්න වැලක්ම ඇතිවුණා. අවාසනාවන්ත සිද්ධීන් ගණනාවකට මූන දෙන්න සිද්ධ වුණා. අන්න එතකොට තමයි, මට මේ වාසනාව ගෙන දෙන පොත ගැන මතක් වුණේ. මට දැන් මෙික කියවන්න ඕනි. තේරුම් ගන්න ඔිනි. මොකද මේ ජීවිතේ අවසාන කාලෙදි තවත් මේ වගේ දේවල් ඇති වෙලා දුප්පත් වෙන්න මං කැමති නැහැ. එ්කයි, මම මේ ජාවා භාෂාව ඉගෙන ගන්න හදන්නෙ.’

. ඔහු නිහඬ වූ මට පෙනුනේ ඔහුගේ ඇස් දුමාරයකින් බැඳිල වගේ තෙත් වෙලා තියෙනව. මිනිහ සේවකයකුට කියල පොත මං අතට පත් කළා..

. එ්ක හම් බැම්මෙන් බැඳල තිබුණ විශාල පොතක්. පරණ වීම නිසා කහපාට වේගෙන යන කොළවල අකුරු ලොකුවට අච්චු ගහලයි තිබුණෙ. වෙලාවට පෙරවදන තිබුණෙ ඉංගී‍්‍රසියෙන්. එ්කෙන් දැනගත්ත පොත ලියල තියෙන්නෙ, කුලන්ග කියල ජාවා රේ සම්භාව්‍ය ගණයේ ලේඛකයෙක් කියල….

. මම වහාම බැරන්වරයට දැන්නුව එ් වග. හැබැයි මම කිව්වේ නැහැ, එ් විස්තර අහුල ගත්තෙ, පෙරවදනෙන් කියල. ඉතින් එ් වග නොදත් මහලූ මිනිසා මට බොහොම ගරු බුහුමන් දක්වන්න ගත්ත. එ් මට ජාවා භාෂාව ගැන දැනුමක් ඇත්තෙකු ලෙස සලකලයි. අනික, මම විස්තර කරන කොට එහෙම කළේ පොතට සෙමෙන් තට්ටු කර කර ජාවා භාෂාව ගැන ඉහළම දැනීමක් හඟවමිනුයි. අවසානයේදී අප ගෙවිය යුතු ගාස්තු හා කොන්දේසි හා පැමිණිය යුතු වේලාවල් කතා කරගත්ත. මං මිනිහට සහතිකයක් දුන්න අවුරුද්දක් යන්න කලින් පොත කියව ගන්න පුළුවන් වෙන්න භාෂාව උගන්වන්නම් කියල…..

. ඉතින් මම මිනිහට එදා මුල්ම පාඩම කළා. එ්ත් මිනිහ මං තරම් වැඬේට අවධානයක් යොදවන බව පෙනුනේ නැහැ. මිනිහට අඩුගානෙ හෝඩියෙ අකුරු හතරක්වත් කියවන්නවත් ලියන්නවත් බැරිවුණා. මාසයක් ගත වුණා. හෝඩියෙ භාගයක් උගන්වන්න. අලූත් දෙයක් ඉගෙන ගන්න කොට කලින් ඉගෙනගත් දේවල් අමතක වෙන ගතියකුත් මිනිහට තිබුණ….

. එයාගෙයි දුවයි, බෑනයි දෙන්නමත් වරින් වර ආව කොහොමද ලොක්ක ඉගෙන ගන්නෙ කියල බලා ඉන්න. මං හිතන්නෙ නැහැ එ් ගොල්ලො වත් මෙි පොත ගැන මොකවත් දන්නවද කියල. මිනිහ ඉගෙන ගන්න හැටි බලා ඉන්න එක එ් දෙන්නට විනෝද ජනක වැඩක් වුණා. අනික මිනිහව මෙි වගේ දේකට යොමු කරල පැත්තකට කරල තියෙන එකත් ඒ අයට කිසියමි අස්වැසිල්ලක් වගේ කියල මට දැනුනා….

. ඩොනා මරියා ඩා ග්ලෝරියා තමයි දුවගෙ නම. එයාගෙ සැමියා පළාතේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරය. මිනිහට හැම තැනම සම්බන්ධකමි තිබුණ. මට ජාවා භාෂාව ගැන අවබෝධයක් තිබීම නිසා මිනිහ මට ලොකු ගෞරවයක් දැක්වුව. මිනිහ කිසිම පැකිලීමක් නැතිව හැමෝටම කියන්න මම ජාවා භාෂාව දන්නව කියල කියන්න. ඉතින් මහලූ බැරන්වරයත් මගේ ඉගෙනීම ගැන සතුටු වෙලා. මාස දෙකකට විතර පස්සෙ මිනිහ මට කිව්වා, භාෂාව උගන්වන එක නවත්තල දවස ගානෙ පොතේ පිටුව බැගින් එයාට පරිවර්තනය කරන්න කියල……

මට ඕන මෙික තේරුම් ගන්න විතරයි. මිනිහ කිව්වා. මිනිහ කියන එකත් හරි. කවුරු හරි පරිවර්තනය කරන දේ ඔහේ අහගෙන හිටියට වැඬේ ඉවරයි. මේ විදියට ගිහිල්ල පොත තේරුමි ගත්තම මිනිහගෙ වැඬේ හරි….

. ඉතින් දන්නවනෙ, තමුසෙ අද වෙනකලූත් මං දන්න ජාවා භාෂාවක් නැහැ. මම කළේ මොකක් හරි බොළඳ කථාවක් ගොතාගෙන ගිහිල්ල එ්ක අර පොතේ තිබිච්ච එකක් හැටියට මිනිහ ඉදිරියේ ඇද බාන එක තමයි. මිනිහ එ් බහුබූත කථා අහගෙන හිටියෙ හරියට දේව¥තයෙක්ගෙ මුවෙන් ගලා හැලෙන දෙයක් අහගෙන ඉන්නව වගේ භක්තියකිනුයි පී‍්‍රතියකිනුයි…..

. මිනිහ මට ගේ ඇතුලෙ නවාතැන් දීල වෙනත් තෑගි බෝගත් දීල මාව සතුටු කළා. කොටින්ම කියනව නං මං බොහොම සුකුමාර ජීවිතයක් ගත කරන්න පුරුදු වුණා….

. මෙිකට තව හේතුවක් වුණේ, මෙච්චර කල් අමතක වෙලා හිටපු පෘතුගාලෙ ඥාතියෙකුගෙ උරුමයක් මිනිහට ලැබෙන පාටක් තිබුණ හින්දයි. මේ අර පොත තේරුම් ගත්ත නිසා බව මිනිහ තදින් විශ්වාස කළා. ඉතින් මමත් මිනිහගෙ විශ්වාසය තහවුරු කරන්න කථා බහ කළේ පැනල…….

. මං මේ කරන වැඬේ ගැන කිසිම පසුතැවිල්ලක් හිතේ ඇති වුණේ නැහැ. හැබැයි මම බයේ හිටියෙ ජාවාවල පිටිසර පැත්තක කෙනෙක් කොහෙන් හරි මතුවෙිවි කියලා. මගේ බය තවත් වැඩිවුණේ මම ජාවා බස දන්නා නිසා තානාපති සේවයේ තනතුරක් පිරිනමන්න කියල බැරන්වරයා මගේ අතේම කරුරුවල විස්කවුන්ටි වරයාට භාර දෙන්න ලියුමක් දුන්න වෙලාවෙ. මම මෙිකට විවිධ හේතු දක්වල යන්න බැහැම කිව්වා. මගේ මූණ කැතයි. කිසිම පෙනීමක් නැහැ. වගේ එ්ව. මොන…! මේ කිසිම එකකින් මිනිහව නතර කර ගන්න මට බැරිවුණා…..

‘ඔයාට පිස්සුද මහත්තයා? ඔයා වගේ අය තමයි මේ තනතුරුවලට දාන්න ඕනි.’ මිනිහ කියපි….
. බැරිම තැන මමත් මේ ලියුම අරන් විදේශ අමාත්‍යාංශයට ගියා. බොලේ වැඬේ හරි….

. අධ්‍යක්ෂවරයා අංශ ප‍්‍රධානියා කැඳවල කිව්ව, ‘මෙන්න අපිට අන්තිමට ජාවා භාෂාව දන්න කෙනෙක් හම්බවෙලා කියල. ඊට පස්සෙ මාව එ් ඔෆිස් එකේ වැඩ කරන හැමෝම ගාවට ගිහින් අඳුන්වල දුන්නා. ඒත් එක ක්ලාක් කට්ටෙක් නං මා දිහා බලා ගෙන උන්නෙ හරියට මාව කන්න වගේ. අනිත් කවුරුත් මං දිහා ලොකු ගෞරවයකින් බැලූව මතකයි. එ් අය ඇහුවෙ ‘ජාවා භාෂාව ඉගෙන ගන්න හුඟක් ආමාරුද? මෙහෙ නෑනේ ඔය භාෂාව දන්න කවුරුත්…’
. අර මං දිහා කන්න වගේ හිටපු එකා මගෙන් ටික වෙලාවකට පස්සෙ අහනව මහත්තය මං ජා භාෂාව නං දන්නෙ නැහැ. හැබැයි මං දන්නව කනකා භාෂාව. මහත්තය දන්නවද එ්ක?…

. මං එකපාරටම නැහැයි කියල මිනිහව මග ඇරියා. ඊට පස්සෙ එ්ගොල්ලො මාව ප‍්‍රධාන ඇමතිවරයා ගාවට එක්කල ගියා. මිනිහ නැගිටල මට අතට අත දුන්නා……

. මේ වගේ ජාවා භාෂාව දන්න හොඳ කෙනෙක් ඔය තනතුරට සුදුසු වැඩියි කියල මිනිහ කිවිව. ‘මං දෙන්නං ඔහේට ඔසිනියාවටම බලපාන කොන්සියුලේට් තනතුරක්. මේ දවස්වල නං එ්කෙ ඇබෑර්තු නැහැ. හොඳයි මං ඒකට පිළියමක් යොදන්නං. දැම්මම ඒකට යන්න පුළුවන්. ඒක තමයි, බාලේවලට ගිහින් භාෂා අධ්‍යයන සමුළුව නියෝජනය කරන එක.’ කියලා….

. ඉතින් අර මහලූ බැරන්වරය මිය ගියා. පොත භාර ගත්තෙ එයාගෙ බෑන. මිනිහ එ්ක එයාගෙ මුනුපුරාට පවරාවි…..

. මං ඉතින් මේ අතරෙ ඇත්තටම ජාවා භාෂාව ඉගෙන ගන්න තැනක් හෙව්ව. හම්බ වුණේම නැහැ. මේ අතරෙ එක එක භාෂා අධ්‍යයන වාර සඟරා මම ගෙන්න ගත්ත. ඔය තියෙන්නෙ ඉතාලි -ඉංගී‍්‍රසි භාෂා අධ්‍යයන සංගමයේ සැසි වාර්තා. මානව භාෂාව අධ්‍යයන කවය. ඔය ඔක්කොම මහ මහ බහුබූත. ඒවගෙ ඇති කෙහෙල්මලක් නැහැ. එ් අතර පොත් සාප්පු කාරයො ව්‍යාකරණ විශාරදයො සමහර පරිභාෂික වචන විග‍්‍රහ කරගන්න මගේ උපදෙස් පවා පැතුව. මට තවමත් සොන්ඩා ¥පතේ පත්තරේකින් මගේ දැනුම ගැන ප‍්‍රශංසා කරල ලියුම එවනවා….

. හැබැයි ජාවා භාෂාව හදාරන ශිෂ්‍යයො වගේකට නං හමිබවෙන්න වේලාවක් දෙන්න බැහැ කිව්ව. ඒ වුණාට කර්තෘවරයාගෙ ආරාධනාව උඩ මම ජර්නල් ද කැමෙසියෝ සඟරාවට නූතන ජාවා සාහිත්‍යය ගැන ලිපියකුත් ලිව්වා….

‘උඹ මාර යකෙක්නෙ.’ මගෙ යාළුව අහනව. ‘ජාවා භාෂාව ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව කොහොමද ලිපියක් ලියන්නෙ ඔය වගේ?’

. හරිම සුළු දෙයක්. මම ඉස්සර වෙලා කරන්නෙ ඔය විශ්වකෝෂෙ වගේ එ්ව පෙරලලා ජාවා ¥පත ගැන පොඩි විස්තරයක් කරන එක. ඊට පස්සෙ පුළුවන් තරම් එ් සාහිත්‍යය ගැන පිට මිනිස්සු කිව්ව දේවල් ලිපියට ඇතුල් කරනවා .

. හැබැයි දවසක් නං මට කෙලවෙන්නම ගියා. පොලීසිය වතාවක් වෙරි වෙචිච නාවිකයෙක් අත්අඩංගුවට අරගෙන. මිනිහ අමුතු භාෂාවක්ලූ කථා කරන්නෙ. එ් ගොල්ලො භාෂා පරිවර්තකයො ගොඩක් ගෙන්නල. මටත් එන්න කිව්ව. මං කළේ ටිකක් පරක්කු වෙලා එතෙන්නට ගිය එකයි. මං යනකොට යන්තං ඕලන්ද තානාපතිවරයා මැදිහත් වෙලා මිනිහ නිදහස් කර ගෙන. මොකද මිනිහ කථා කරපු භාෂාවෙ ඕලන්ද වචන කීපයක් තිබිල තියෙනවා. ඇත්තටම ඒකා ජාවා භාෂාව කථා කරන මිනිහෙක්ලූ…..

. ඉතින් මාස හයක් ඇතුළත මාව හැවානාවල කොන්සල්වරයා විදියට පත් කරල යැව්ව. මම මෙි පාර ආපහු ඇවිල්ල කොහෙන් හරි ජාවා භාෂාව ඉගෙන ගන්නයි බලා ඉන්නෙ. බලපන් බැරි වෙලාවත් ඔය දුන්න තනතුර ගැන අසතුටු වුණා නං මොකද මට වෙන්නෙ කියලා…?

‘මොකක්ද උඹම කියපන්කො.’ මගේ යාඹවට කට ඇරගෙන ඒ ප‍්‍රශ්නය පෙරලා මගෙන්ම ඇහුව.
මෙි රටේ මොන බොරුවද කරන්න බැරි?’ මට එහෙනං භූත විද්‍යාව ඉගෙනගෙන බැක්ටීරියා විද්‍යාඥයෙක් හැටියට ප‍්‍රසිද්ධ වෙන්නත් තිබුණ. අපි දැන් යමු.
ඩබ් එච් උපසේන ගේ ”එලොව ගිහින් මෙලොව ආ කෙනෙක්” කෙටිකතා සංග‍්‍රහයෙන්

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)