වියපත් ප්‍රේමය …. –  උදිත ගමගේ

No Comment 231 Views

වසන්තය දුර ගියා

අපව අමතක වෙලා

ගං දෑල යා නොවී

තිබුණි දිය පිරීලා

 

අතීතයේ දුර ඈත

අපි ගියා වෙන් වෙලා

කාලයේ අරුමයෙන්

යලිත් අප ලං වෙලා

 

වසන්තය සුවඳ කල

කුසුම් නැත යලි පිපී

මිහිරිගී මිමිණු වන

බඹර කැල නොම හිඳී

 

සොඳුරු ඒ අතීතය

යලිත් සිහියට නැගී

වාරුකරමින් දෙපා

ඔබේ පසු පස එමී

 

ඔබේ උර තලයේ

උණුසුම එදා වගේමයි

ස්නේහයේ මුදු වදන්

එදාමෙන් පිවිතුරුයි

 

කොතෙක් කල් ගෙවූවත්

මගේ හිත ඔබේ ලඟයි

එන්න යමු මාවතේ

සැනසීම ඇත ලඟයි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)