දියණියේ …. – උදිත ගමගේ

No Comment 91 Views

අරුණැල්ලේ සිනා සලන
මල් කැකුලක් සේ විකසිත
දියණියනේ නුඹේ දිහා
බලා සිටිමි ආදරයෙන්
නුඹේ අම්මා ඈත රටක
රන් කහවනු සොයන ගියා
නුඹේ හිසට මිනි කිරුළක්
රත්තරනින් තනා දෙන්න
අර පෙනෙනා නිල් අහසේ
ඉගිලෙන්නද අප්පච්චි
අහන්නෙපා තවමත් නෑ
නුඹේ අත්තටු සවිමත් වී
කිරිල්ලියක් වී ලස්සන
අම්මත් මාවත් අතහැර
යන්න යාවි ඉගිල්ලිලා
අපේ සිතේ සතුට අරන්
ඒ යන දා මගේ දෑස්
කඳුලින් බොඳවෙලා තියෙයි
ගියත් දුරක ඇවිත් යන්න
අපි බලන්න මගේ දුවේ

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)