පේ‍්‍රමයේ හිතවත්කම – කල්පනා ඇම්බ්‍රොස්

No Comment 30 Views

පරවුනත් මලක නොසිඳෙයි තුරු මුල් දැරූ දුක් කඳ
සිරකළත් සඳ ගිර’ගක කිරණ සඟවනු කෙලෙසද
පෙරඹරක පින්න අරගෙන රාත‍්‍රිය සැඟව යන කොට
පර නොවුණු කවි වස්සමි ඔබ ඇවිත් ඉන්න අහසට

 
අමුණා පෙඳෙන්  පෙඳ ගෙන දැඩි කළ සුපෙම් විහඟුන්ට
සරනා මිසෙක සිත් ගැබ තව සුව වෙත් ද විඳගන්ට
මියෙනා ලොවක හැම දෙය පෙමත් අනියතැයි නො කියන්න
සිඳුණා වුනත් නියෙඟක ගඟකට හැකිද නවතින්න

 
නිල් දිය සරැලී නංවා හිම කැටි දියව ගලා යන
මල් අරන් දෑතට වසන්තය ඇවිදින් සිනාසෙන
මල් පෙති පරව එළඹෙන නිහඬ දවසක උදෑසන
සමුගත යුතු නොවෙද අප දෑසම තදින් වසාගෙන

 
පෙත්තෙන් පෙත්ත පීදෙන රුසිරු ජීවන මල්කම
ගෙත්තම් කළේ හෙමිහිට පේ‍්‍රමයේ හිතවත්කම
ඇත්නම් යමක් රැකගත් එක්ව ඇඳි ඒ සිත්තම
ඇත්තයි මියෙන මොහොතක ඔබ තමයි මගෙ වත්කම

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)