දියවන්නා ඔය අසබඩ තොටියා .. – නයනසේන වන්නිනායක

No Comment 421 Views

එතෙර කළෙමි ඒ මැතිඳුන් සැම

කරඬුවක් සේ බැතියෙන්
මේ කතිර පාරුව මත නංවා
කැළඹුන දියවන්නා හොය
දළ රළති දිය ගැඹර තරණය කොට
බෑ බෑ කියූ හබලටද බැන බැන
වෙව්ලන දෑතින් හබල් ගාමින

“ලොකු උන්නැහේ
අපි නුඹවද ගොඩ ගනිමු” යි දිවුරා
තෙපළු වදන් පිළිගෙන.

එතෙර වුන පසු උහු
සුපතළ ජයවද්දන සුරපුරට
තරකළ විසල් වාසල් යතුරු
මුරකාවල් මැද
පළඳා උනුනුන්ම වොටුණුත්
බරණ සිව්සැට සියොළඟ

නැත කිසි බිණු වදනක්
වැල් ලිහුණු කතිර පාරුව ගැන.

වැරෙන් ගසමි පහරක්
කෘශවූ හබල අරගෙන
ඔච්චම් කරන පාරු බඳටම..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)