කදෝපැණියෙකි මම… – නයනසේන වන්නිනායක

No Comment 104 Views

අන් සතු කිරණ අරගෙන

බැබලෙන තරු රෑන
හිතන් ඉන්නේ හැමදාම
ඉන්නද ඔයවිදියෙම
දන්නවද නුඹලාත් යම් දවසක
කඩා වැටෙන වග අහසින්
මේ මහා පොලොව මත
සී සී කඩව…

හිරු එළියෙන් විළි වහන
විළි ලජ්ජා නැති සඳ
සැඟවෙයි නුඹද හිරු දුටු සඳ
ණයට ගත් හිරු කිරණ
ගෙවා ගන්නට බැරුව.

කුරා කූඹියෙකුට ණය නැති
පුංචි කදෝපැණියෙකි මම
සඳ තරු නැති අමාවකේ
මගේම එළියෙන්
පාර හොයා ගෙන යන.

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)