සමුදුරට අත් හළ කවියක් – රසික ජයකොඩි

No Comment 63 Views
සඳුදා දිනෙක අවසන

රීඩ් මාවත අසබඩ
රහසින් බිම වැටුණු
ඉපැරණි තුරුපතක්
සීරුවෙන් ගෙනැවිත්
මේ කොටු පවුර මත හිඳ
නිහඬවම
මුහුදට
අත හරිමි.

ආදරය
එතරම්ම ඉසියුම්
මොහොතකි.

සුපුරුදු අවන්හල කෙළවර
සීතල බීර බඳුනක
ඔබ නමට ඉපැදෙන
පළමුවන පෙණ බුබුළ
වදනකට පෙරළා
අනවසරයෙන්
අන් හිතක බිත මත
තවරමි.

ආදරය
එතරම්ම සන්සුන්
අවියකි.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)