ඉතා නොගැඹුරු දිනෙක මතකයන්ද ,නුඹට සිහිවිය හැකිය….. – ඩොමිනික් චන්ද්‍ර සාලි

No Comment 102 Views

ගිලුණු ඇස් පතුළේ නිදන

ඉතා නොගැඹුරු දිනෙක මතකද
මහා බැමි දෙබෑ කර
ගලන ගඟ තවම නිසසලය

අතුරු සිඳුරක් නැතිව
තුරු වදුල පතුළ,සිපගන්න තැනක
අහම්බෙන්
රතු පාට ඇල ඉරක් මෙන්
දිනෙක නුඹ මතුවිය හැකිය

ඉතිරි වුණු අවසන් තරුවත්
දකුණදිග අහස මත
මහළු වී අළු වෙලා යනවිට
උදෑසනකට නැවුම් සිතිවිල්ලක් අරන්
පරණ බරම ලියලයි
හැමදාම හිත යට

නීල ඇස් ගුලිකර
කඩිනමින් කඳුළු ඇදහැලෙන මුවදොර
වැසූ ඝන අඟුළු ලූ ගල් දොර
ඈත දුර දවසක,මහ රෑක
වහා විවර විය යුතුමය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)