ප්‍රථමයෙන් නික්මෙන්නේ ඔබද ? – රසිකා ගුණවර්ධන

No Comment 90 Views

සළකුණු සියල්ල පිස යන්න.

කෙළ බිඳිති හා දහඩිය සුවඳද සමග
එහෙ මෙහෙ සැඟවූ බොළඳ කවි
නිය පහරවල් හා හාදු කැලැළි.

කටු ඇති හෙයින් නොපෙනී ඉතිරිව
රෝස වනයට ගිණිලන්න.
කැඩපත් වලට ඇස් ඇති හෙයින්
අංශු පරමාණු වලට සිඳලන්න .

දර්ශනයෙන් දර්ශනය වෙනස් කළ
පසුබිම් චිත්‍ර ඔබම ගෙනියන්න .
නාටකය අවසන්යැ දැන්වීම
කාටත් පෙනෙන සේ එල්වන්න.

නික්වෙමි මාද ඉන්පසුව
අවර්ණ සිතුවමක්සේ
කඩා හැලෙමින් හිතුවක්කාරව
විනිවිද පෙනෙන මිහිදුමක් සේ.

ඔබේ උරහිස මත
කෙසඟ අතැඟිලි අතර
නොරැඳී ඉවත යමි
ශූන්‍යව, සංතෘප්තව !!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)