සද මුහුණ – අනුරසිරි හෙට්ටිගේ

No Comment 80 Views

කළුවලාවක්
ඇවිත් පැද්දී
මුවා කළ මුත් ස‍ද අඩක්
අනේ අම්මේ පෙනෙනවා මට
ඔබේ මුහුණේ
හරි අඩක්..

කුප්පි පහනේ දුබල එළියෙන්
පැදුරේ නිදියන් උන්නු මං
එදා දුටු සද මුහුණ මෙහෙමයි
අඩක් හැමවිට අදුරු මැ යි

නැහැ කියන්නට බැහනෙ අම්මේ
දන්නවා මං හැම දෙයක්
රෑට කෑවා ‍නොකෑවා සේ
උන්නු විට ඒ වූ දෙයක්

එන්න අම්මෙ ඉන්නෙ ඇයි තව
අහස තවමත් මට දුරක්
ඒත් මගෙ පොඩි හදවතේ ඇත
ඔබට නම් මහ ලොකු ඉඩක්..

හෙට නොවේ අද එන්න අම්මේ
දහඩියේ සුවදත් අරන්
දන්නවද දැන් පොඩි පුතා ඔබෙ
ලොකු වෙලා අඩි හත අටක්..

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)