සැලූන් කවිය – සමිත බී. අටුවබැන්දෑල

No Comment 89 Views

‘පබවත් ‘ සැලූන් අධිපති
මම වෙමි ජයමිපති

උදේ සිට රෑ වෙන තුරු
ඉස නොයෙක් සුවද විලවුන්
දෙස් විදෙස් පතළ
ජීවිතය සුවද කර දෙමි

ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය
වසා පුයර තටිටු හතෙන්
බය නොවී ලෝකයට
මුහුණ දෙන්නට
ලිප්ස්ටික් කූරෙන්
රන් හිනාවක් ඇද දෙමි.

පාට මෙිකප් පෙටිටි ගෙන
කලතා කුකුල් සායමි
ඉඩෝරේ දහවලෙත්
අලුත් දේදුන්නක් මවමි
ඔබ ළගින් පායවමි

නර කෙස් මත
තාරුණ්‍යය උළමි.
සදෙහි කළු ලප
අයින් කර දෙමි.

ගලවා කැවුමි මුහුණ
බෙල්ල ළගින්
සූර්යකාන්තා මලක් හයි කරමි

බිත්ති කන්නාඩි හතෙන්
කලාවෙි ගැඹුර පෙන්නමි.

ලෙඩ රෝග මරණය
වළක්වා ගන්නට නො දැන
ළග ළග එතතැ‘යි බියෙන
සැලූනයේ
දොර ජනෙල් වහගෙන
රැයෙහි තනි ව ම අඩමි.

 කදු මුදුන ‘2014

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)