සොඳුරුතම ඉම් පෙදෙස්..! – විජායිනී නාලිකා කරුණාතිලක

No Comment 69 Views

සඳ කැළුම්..

අතුරුදන්..

අමාවක..

අහස යට..

 

තරු බැළුම්..

මග වැනුම්..

කදෝ පැණි..

එළිය මැද..

 

ගිරි ශිඛර..

වන ලැහැබ..

රළු බොරළු..

මතින යමි..

 

විල් තෙරේ..

නිල් ජලේ..

හද ගැස්ම..

තබා යමි..

 

කළු අඳුර ..

ඉරාගෙන..

අරුණැල්ල..

ගලන තුරු..

 

ජීවිතේ..

සොඳුරුතම..

ඉම් පෙදෙස්..

සොයා යමි…!  

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)