පුතේ ! දැන් නිදියන්න – වින්ද්‍යා ආරියරත්න

No Comment 65 Views

පුතේ ! දැන් නිදියන්න
හොරට ඇස් පියාගෙන නොවෙි
ඇත්තටම ……
අවදිවී කුමකටද ?
උඹ එපා ලොවකට
කොහෙටවත් අයිති නැති විට උඹව
වෙරළ සිනිදු වැලි මත සතපවා
රළ රැළිත් පොරවා
නිමි නොවන
දුක්බරම නැළවිලි ගීය ගයමි මම
පුතේ දැන් නිදියන්න
අවදි වී කුමට උඹ එපා ලොවකට

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)