දිසි කළු – මනෝරි ලියනවඩුගේ

No Comment 64 Views

දිසි කළු

නුඹ දුවත, පනිත
ඒ සෛන්ධව ශක්තිය
දුටු මසිත ජනිත විය
ලොව අභිමන් සිත්තම

දිසි කළු මා දිසි කළු

නුඹේ භේෂාරව
ගුම් දීය දසත
හද වීය ධ්වනිත
තේජසකි තිගැස්සෙන

දිසි කළු මා දිසි කළු

මඟ යනෙන දනෙන
නෙත විෂ්ම ගෙනෙන
නුඹෙ අභිමන් මන
අසිරියෙකි මැවුන!

දිසි කළු මා දිසි කළු

හද රැඳි සෙනෙහෙන
දනවන ඉරියව්වෙන
හිරු කිරණ රැඳිණ
දිස්නයකි ලෙළෙන

දිසි කළු මා දිසි කළු

IN MEMORY OF “RAJA” OUR LOVING HORSE

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)