කුවේණිට – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

No Comment 66 Views

විශාඛා කියූ විගසම
මැවෙන්නෙ ම අපිට
පන්සල් සුවඳ එන
ගැහැනියක්‌

නා කපන වැස්‌සෙත්
නුදුවන
සිනිඳු සළු හඳින
රූ බර ගැහැනියක්‌
මරණින් මතුව
නිම්මානරති වැනි
දෙව්ලොවක උපදින
ගැහැනියක්‌
කුවේණි
කියූ විගසම
මැවෙන්නේ
සනුහරේ පාවා දුන්
ගැහැනියක්‌

එහෙම නැතිනම්
යකින්නක්‌

ඉතිහාස පොත්වල
සරල රේඛාවල
අතීතය කියවන ජාතියක්‌·
පාද පා මුල
ඔබ
ලොකුම ලොකු වරදකාරියක්‌
එදා කුවේණි මට ඔබ
වෙහෙස වී සොයා ගත් කපු වලින්
සොඳුරු සළුවක්‌ වියන
සිහිනයක්‌ දුටුව
ගැහැනියක්‌
මරණයෙන් මතු නුඹට
ඉඩ නැතත්
විශාඛාවරුන් උපදින
නිම්මානරතී බඳු දෙව් ලොවක

කොතනක හෝ ඉපදුණු තැනක සිට
නුඹ දකිනවා ඇති
එදා බැරිවුණු
සුන්දර සළුව
වියා නිමකරන සිහිනයක්‌·

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)