සිල්පර කොට කඩේ – හෂිත අබේවර්ධන

No Comment 136 Views
එවන්න ඇහැකිද මට

එක කුඩා තිතක්
සිඟිති රේඛාවක්
මලක්
කොටුවක්….
ක්ලිම්ට් ගේ චිත්‍රෙකින්..

මේ නිවුනු කහට කෝප්පෙට
දාගන..
ආපහු යන්න
පදනම් ආයතනය ළඟ
සිල්පර කොට කඩේ
අඩේ කෑ..
කොල්ලාව කෙල්ලව
බලාගෙන එන්න..

ඒ කාලෙ උන් දෙන්නා
රණ්ඩු වුනු
කාව්‍යමය බාසාව..
එක වරක්
අහගෙන එන්න..

එවනවද
පොඩි තිතක්

ක්ලිම්ට් ගේ චිත්‍රෙකින්..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)