වෙරළ – ඊ . ඒ .ඩෝසන් ප්‍රීති

No Comment 118 Views

හැලී ගිය

කොලෙස්ටරොල්වලින්
සමතලාව ගිය
ලිපිඩ වැලි මුසු
මුහුදු වෙරළේ
සීරුවෙන් ඇවිද යමි

දහමනක් සෙප්පඩ විජ්ජා
කෝටියක් කරමින
මකුණෙකුට නිදන්නට
බැරි තරමට රත් කර අසුන

ඒ අසුන් මත
ගෙවා පැය අට
ගිල දමා මසවුළ
ඇ වැදී සීතල පවන

වායු සමීකෘත රියෙන් බැස
ගාටන කවන්ද
හිරි අරින
දුක්බර වෙරළ

“ මුචලින්ද තාප්පය “2008

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)