යශෝදරා – බී. අනුර

No Comment 162 Views

බෝ කල් සසර පුරා
සිටියත් ලගින් අරා
නික්මිය යුතුය ඉතින්
අවසර යශෝදරා

සසරේ කල්ප ගණන්
පාරමී පුරන අතරේ
සිදුවිය දන් දෙන්නට
නුඹවත් යශෝදරා

රාහුල පුතුන් සමග
අමනාපයෙන් නොවේ
ගිහි ගෙන් සමුගන්නේ
සිතනුය යශෝදරා

ගිනිගෙන දැවෙන ලොවට
සිසිලස සදනු පිනිස
දන මන සුවය පතා
නික්මෙමි යසෝදරා

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)