පී බී ජයසේකරගේ මරියා සිලොනිකා වස්තුව – තිළිණ හිරිපිටිය

No Comment 162 Views

පී. බී. ජයසේකර මහතා විසින් නිර්මාණය කර දායාද කරන්නට යෙදුනු මරියා සිලොනිකා වස්තුව හා දැහැන් ගතවීම නිමකලේ පසුගිය රාත්‍රියේය. වාමාoශික දේශපාලනයේ හරය උකහා ගත් එයම ප්‍රායෝගික ජීවිතයේ ජීවත් කරවන කරුණාපාල නම් වූ ඒ උදාර චරිතය සිය දර්ශනයේ අරටුව ලෙස මානුෂවාදයම යොදා ගනියි.

පුද්ගලයෙකුට මරණීය අවස්ථාවක දුන් පොරොන්දුවක් මත සිය ජීවිතයෙන්ම වන්දි ගෙවූ කම්කරුපාල නම් උදාර චරිත රත්නය තව තවත් ඔප් නවන්නේ මෙරුවෙකු සේ පරාභවය කරා දුවන සිය බිරිදයි. සිය අoගවිකල දියණිය විමුක්තිට අජිත් නැමැති දේශපාලන සගයා අතවර කරද්දී හිත කීරි ගැස්සුනද මාරියා මැග්ඩලීනා නැවත පුහුණු වීම අරඹන විටදී නැවත ඔහුට කතා කිරීමට කරුණාපාලගේ මනස හැසිරෙනුයේ රාග ගින්න අන් හැම ගින්නටම වඩා ප්‍රබල බව තේරුම් ගෙනය.

දියණිය සනුති යනු වත්මන් අධයාපන රැල්ලේ ගොදුරක් බව පසක් වනු ඇත. බොහෝ පොතපත කියැවූ ඇය මවගේ පරදාර සේවනය පිළිබද ඉවවැටෙද්දී කේන්ද්‍රීය හැරවුමක් පෙන්නුම් කලද ආර්ථික පීඩනය හේතුකොට ගෙන කෙසේ හෝ මුදල් නෝට්ටු මතින් ගොඩ ඒමට තීරණය කර අම්මා මල පසු අම්මාද නැග්ග ඇමතිතුමාගේම යහනට ගොඩ වන්නීය.

වේළු වෙනුවෙන්ද, සිoහල ජාතිවාදී අමනයන්ගෙන් මැරුම්කෑමට නියමිතව සිටි වව්නියා දුම්රියේ ගමන්ගත් සියළුම දෙමළ සහෝදරයන් වෙනුවෙන්ද, තමන්ගේම හිස පැළෙන්නට පුටුවකින් ගැසූ තරුපති වෙනුවෙන්ද එකසේ සිටගත් කරුණාපාල වැනි මිනිසුන් තවමත් මේ සමාජයේ දුලබ නොවේ. දේවතාවන්ගේ සුවද පරයමින් යක්ෂයන්ගේ ගන්දස්කාරය සමාජය වසාගෙන බැවින් අපේ නාස්පුඩු ඒ දේවතා සුවදට අසoවේදීව ඇති බව බව සිතමි.

“මo ආයෙත් උඹට කියන්නේ, කාගෙවත් දේකට මo ලැජ්ජා වෙන්නෑ, ඒ වගේම උඹට ලැජ්ජා වෙන්න දෙයක් මo කරලත් නෑ”

කරුණාපාල විසින් සනුතිට . . .

විදර්ශන ප්‍රකාශන | මිල : රු.520/=

තිළිණ හිරිපිටිය

thilinah@hotmail.com

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)