ඔබ – කපිල එම්. ගමගේ

No Comment 65 Views

ඔබ ඇතී කොතැන හරී
මේ ගිරි මුදුන
බැස එනු නොහැකිව
ඔබ ඇතී කොතැනක හරී
මේ ජල දුර්ග
තරණය නොදැනම

ඔබ පිපී ඇතී
විසල් තුරු හිස
නිතර මා නෙත
ගැටෙනු බැරි ලෙස
මහා වන මැද හුදකලාවෙම

ඔබ හඬනු ඇති
අඳුරු රැය මැද
මුව හොවාගෙන
පැරණි මතකෙක
උරිස් සෙලවෙනු දකිනු බැහැ මට

ඔබ සිනාසෙන
දිනක් එනතුරු
බලා හිඳිනෙමි
මතක මග දෙස
බැස යන්න මේ රුදුරු අහසින.

@ කපිල එම්. ගමගේ

චිත්‍රය: ආන්ද්‍රේ කෝන්

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)