රාත්‍රියක – තුෂාරිකා ඇන්තනි

No Comment 114 Views
රාත්‍රිය කියන්නේ නිදහසේ පාටට
ලොව සොඳුරුතම කලාවක්
සිතුවමට හොඳ වෙලාවක්
පෙරලන්න අපි කැමති පාටට
හිස්ම හිස් කළුවරක
තැනින් තැන දැල්වී
තරු කියන කතා ඇත
තබමි හූමිටි දුරස් යයි නොසිතා
කළුම කළු පොළොව මත
ඒ කතා මා අසාගෙන
අකුරු බැඳ මනකල්පිත
කව්පද පා කරන්නට
පිනිබිඳු ගුවන මත
වීදුරු කුඩු තරමටම බිඳින්නට
හදමි ඇස් පිනන පාටම
අඳිමි හද පිනන සිතුවම
සුවඳ විහිදයි සමන් මල
සැනසුම අපට මිස වෙන කාටද
හිරු එබෙයි නොදැන
අප අතර ඇති සාමය
ඉදින්
බැලිය යුතු වෙයි
යලි උදේ සිට ‘පෙන්නන’ පාටම
යටි හිත් මතුපිටට ගමු
අදත් ලොව නිසල වූ යාමෙම…
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)