ඔලිව් පත‍්‍රයක පේ‍්‍රමය! – තුෂාරි ප‍්‍රියංගිකා

No Comment 25 Views

ඔලිව් පත‍්‍රයක පේ‍්‍රමය!

ඇසක දිගු බැල්මෙක
නීල උල්පත ඉල්පෙන
පෙන කැටිති රළ නැංවෙන
පත්ල පාරා ගැඹර සොළවන

වසන්තය ඉතිං ආ විට
හාදු වැහි ඇති වැස්සෙන
අසන්නට ආසම කව් පද
එතරම් කොයින් ආවද

පැහුණු ඔලිව් පත් මත
ඔබ තබා ගිය හුස්මෙක
තාම ඇති ඒ උණුහුම
හදවත කීරි ගස්සන

වැටෙන්නැති මහ පොළොවට
පින්න මහා රෑ තිස්සෙම
තුරුළෙ සැඟවුණු ස්නේහෙක
විතරමයි ඔය සීතල

මම කොතෙක් නම් කීවද
අත නෑර ගිය මංපෙත
මඟෑරුණු සුලකුණ යට
ඔබ හිඳී හිර වී ගෙන

සඳ නෑවිදින් ගිය යාමෙක
ඔබ එතැන වෙන්නැති පෙර වාගෙම
ගනාඳුර ඇවිදින් මා වට
ඒත් එළියයි සඳ වාගෙම

සිළිටි කුමුදක පෙති මත
තැවරෙනා මුදු හැඟුමෙක
සත්තමයි නිම්තෙර බිස්සක
සුවඳ තිබුණා සංසාරෙක!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)