හීනයක් – විජායී නාලිකා කරුණාතිලක

No Comment 73 Views

මේ සැරේ කඨින පිංකමට පිරිකරක් පූජා කරන එක මට හීනයක් ලොකු හාමුදුරුවනේ..ලොකු පුතා ලඟ වැටිලා ඉන්න මම එච්චර මුදලක් කොහෙන් හොයන්නද..?

මේ වරත් පංසලේ පිංකමට
පන්දහක් ඕනෙමලු පිරිකරට..
සති දෙකක් රෝහලේ හිටි පවට
කුලී වැඩ අත හැරුනෙ ලොකු පුතුට

උඩ මළුවෙ හැදුණු වල් උදලු ගාමින්
තින්ත ගෑවේ බණ මඩුවෙ සැදැහෙන්
අත් දෙකෙන්මයි එල්ලුවේ කොඩි වැල්
නැති නිසා මගෙ අතේ කාසි මසුරන්

පිනැති නෝනාගෙ රිය අසුන මත
දිලිසෙමින් රැගෙන ආ පිරිකරට
ඉදිරි දොර හැර දුනිමි වඩින්නට
ඒ පිනත් ඇති පුතේ ඉතින් මට..

නිවන් දොර ලඟට දිග පෝළිමේ
ඉඩක් මට නැතුව ඇති මේ වරේ
ඇවිත් අත අල්ලගෙන ලොකු පුතේ
යමු ගෙදර අපි හිමින් සීරුවේ..!!

විජායී නාලිකා කරුණාතිලක

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)