මගෙ කවිපොත් පාඨකයො ගාවට යන්න ඕන නැහැ. – නදී වාසලමුදලිආරච්චි

Comment Off 42 Views

නදී වාසලමුදලිආරච්චි. ඇය මෙරට හඳුනාගන්නෙ, රූපවාහිනී මාධ්‍යය ඔස්සෙ. ඒක ලංකාවෙ විනෝද කර්මාන්තය පුළුල් වෙමින් පැවති, පෞද්ගලික අංශය ඒ වෙත නැඹුරුවෙමින් පැවති අවධිය. පසුකාලීනව නදී හඳුනාගැනෙන්නෙ සාහිත්‍යකාරිනියක් ලෙස. කවි පොත් දෙකක් – ප්‍රේමය සමඟ ඩොක්සාවට එරෙහිව, ප්‍රේමය සමඟ ප්‍රින්සිපැල්ටියට එරෙහිව – පළමුකොට පළ කළ ඈ ගිය වසරේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් නමින් නවකතාවක් පළ කළා. යම් සාහිත්‍යයික විවේචන තිබිය හැකි මුත්, නදීගෙ සාහිත්‍ය වැඩ කියන්නෙ බරසාර වැඩ. ශ්‍රමය වගුරුවලා වෑයමෙන් කරන වැඩ. නිවහල් අපි ඇය සමඟ කළ කෙටි කතා-බහ තමා පහත පළවෙන්නෙ.. http://www.niwahal.com/සංවාදය – සඳුන් ප්‍රියංකර විතානගේ

නදී කියන්නෙ තාරකාගෙ (නදීගේ සොයුරිය) ප්‍රතිපාර්ශ්වය.. නාමාර්ථයෙනුත් එහෙමයි. නදී පොළොවෙ ගලද්දි තාරකා අහසෙ.. දෙන්නගෙ භාවිතාවන් ගැන මොක ද හිතෙන්නෙ?

ඕක ම තමයි හිතන්නෙ. මාර වෙනස්. අනේ මන්ද කොහොම වෙනස් වුණා ද කියලා. මම පොඩි කාලෙ ඉඳන් කියෙව්වෙ මේ ටයිප් එකට ළඟ ඒවා. රුසියානු කතා. අක්කි ඔය වික්‍රමසිංහගෙ වගේ කට්ටිය තමයි කියෙව්වෙ මට මතක විදිහට. හැබැයි මම සිරසෙ හිටපු නිසා කවුරුත් මාව දැනන් හිටියෙ නෑ.

ලංකාවෙ විනෝද කර්මාන්තයෙ හැඩ තල වෙනස් වෙන කාලෙ ඒවා එක්ක ගැටුණු නදී ටිකක් ගැඹුරු සාහිත්‍ය කතිකාවක් එක්ක ගැට ගැහෙන්න බලපෑවේ දීප්ති ද?

ඔව්. පදනමක් හැටියට.
හැබැයි මට ගැඹුරු කියවීමක් පුහුණු කළේ රුසියන් පොත්.

වර්තමානයෙ ඇයි කිසි දේශපාලන කණ්ඩායමක් එක්ක නැත්තෙ? දීප්තිලගෙනුත් ඈත් වුණා ද?

මම දීප්තිල එක්ක දේශපාලනය කළේ නැහැ. ප්‍රේමය සමඟ ඩොක්සාවට එරෙහිව කවි පොත කළා විතරයි.

කොහොමත් පිලිගත හැකි ප්‍රතිපත්තිමය දේශපාලනයක් ලංකාවෙ නැහැනෙ.

කවි පොත් දෙකක් කළත් ඔබ ම පිළිගන්නවා ඒවා පාඨකයො අතරට ගියෙ නැහැ කියලා?

මගෙ කවිපොත් පාඨකයො ගාවට යන්න ඕන නැහැ. පාඨකයො මගෙ ගාවට එන්නයි ඕන. පොත් දෙක ම පබ්ලිෂ් කළේ මම. මට ඒක මාකට් කරන්න ඕන නැහැ. දැනුවත් කළා ම ඇති.

කවිය මාකට් නොකරන ප්‍රතිපත්තියක ඉන්න ඔබ නවකතාව මාකට් කරන්න කරන වෑයම ගැන පැහැදිලි කිරීමක් කරන්න.

නවල් එක පබ්ලිෂ් කළේ ජනක ඉණිමංකඩ. විදර්ශන ප්‍රකාශකයො. මම කරන්නෙ ජනකට උදව් කරන එක. අනික මාකට් කරන්න ඕන තමයි. හැබැයි කවිය නෙවෙයි කවි පොත. ඒක ප්‍රඩක්ට් එකක් නෙ. නවල් එක වුණත් එහෙමයි. හැබැයි මම ෆේස් බුක් කවි නොලියන්නෙ මම කවි මාකට් නොකරන නිසා. කැමති අයට කරගන්ඩ පුළුවන්. මම කරන්නෙ නෑ.

අනික පොත් දෙකක් මාකට් කරන්න ගියාම එතන ටිකක් වියවුලක් වෙනවනෙ. කවි පොත නොවිකිණුනාට මට ප්‍රශ්නයක් නෑ.

වුල්ෆ්න්ඩාල් ස්ට්‍රීට් ස්වර්ණ පුස්තක අවසන් වටයටත් තේරුණා.. ඒක බරසාර වැඩක්. මොකද හිතෙන්නෙ. මේක කියවන්න මහත් වෑයමක් දරන්න ඕන කියන අදහස ගැන.

ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. පාඨකයාගේ කියවීමේ ශක්තිය උරගා බලන්න අවස්ථාවක්.

ඔබ විශ්වාස කරනවා, මාස් එකට ලිවිය යුතු නැහැ කියන එක. ඒත් මිනිසුන් නොකියවන සාහිත්‍යයෙන් පලක් තියෙනව ද? ඔබ බොහෝ කැමැත්තෙන් කතා කරපු රුසියන් සාහිත්‍ය ජනකාන්ත සාහිත්‍යයක්..

ජනකාන්ත වෙන්න ඒ ලේඛකයො ලිව්ව මිසක් පෝස්ටර් ගැහුවෙ නැහැනෙ. ඒක ජනතාව අතරෙ වෙච්ච දෙයක්. ලේඛකයො ලිව්වා. ජනතාව ප්‍රාමාණික දැනුමෙන් ඒවා අල්ල ගත්තා. මේවා කොටල පොවන්න අපි වෙදමහත්තුරු නොවෙයි නෙ.

දැන් නවකතාවේ අභිලාශය අපේ යමක් මිනිසුන්ට ගෙන යන එක නම්, කටුක දුෂ්කර වෑයමකට එයාලව ගෙනියන්නෙ ඇයි?

වුල්ෆ්න්ඩාල් ස්ට්‍රීට් නවකතාව, 1948 ඉඳන් 2015 දක්වා දිවෙනවා. කියවන හැම වාක්‍යයක් ඇතුළෙ ම වාක්‍ය දෙකක් තුනක් හෝ හතරක අරුත් තියෙනවා. සරලව ලියන්න ගියා නම් මහා පතරංග ජාතකය වගේ එකක් වෙනවා.

නවකතාවට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
හොඳට ම හොඳයි.

 

සංවාදය – සඳුන් ප්‍රියංකර විතානගේ

http://www.niwahal.com/

About the author

කැටපත්පවුරට ලියන්න