මට ඕනෑ ඉස්සර විදිහට තාත්තා…. – තුෂාරිකා ඇන්තනි

No Comment 70 Views
දින ගණනක රෑ මුරෙන් නිදහස්ව ආ
ඔබ තුරුලෙ නිදනවිට තරුකතා සමඟ
ඔබ මුවඟ වෙහෙස නොදැකා..
ම’පුංචිවත සිනහවෙන් සරසන්න
අතේ එල්ලන් ආදරේ නොපෙන්වනා
ඉඳහිට අතමිට සරුවූ වෙලාවක
සියල්ලන් චිත්රපටියකට ගෙනියනා…
නිනද දෙන එහි ගීතයක කිමිදෙන්න
කන විටදි අපද ඔබ ලඟ දැවටෙනා
කුඩා රසකැවිල්ලක් ඉතිරිවී
අවසන එය අප මුවතුලඟ රඳවනා…
එහි ඇති අමා රස විඳගන්න
මීවිතක ගිලී සුරළියක ගැන ගයනා
ජෝතිගෙ ගී නදටද පණ දෙවනා
ඔය මුව තානයක රඟනා….
රඳනා සතුට යලි දැකගන්න
මගුල් පින්තූරෙ ඔබ හැඩට දිලුණා
දිනෙක මා පසෙක ඉන්නා කෙනා හා
තනිකරම මෙමා සිහිනයක ගිළුණා..
කඩවසම් මේ විදිහටම වන්න
බඩගින්දර පහකින් පත්තු වෙමිනා
වමට බර මිනිසෙක් තව ඉවසා
රේල්ලුවට හිස තබනු බෑ හුස්ම නවතා..
ස්ට්‍රයික්කාර සිතක හිතුවක්කාර කාන්තිය නරඹන්න
සමසමාජය කුස ගින්දරෙන් වැහෙනා
ජීවිතය හැරයන සඟයින් දකිනා
අරමුණට තනිවෙන්න ඉඩ නෑ..
කල්පනාවෙන් සිටි වීරයෙක් දැකගන්න
අක්කගෙයි මගෙයි හිස්වල බර
එකවරම උරිස්මත රඳවා
නින්දක් ගිහින් අහවර වනතුරුම..
ඔබ දෙන උණුසුමෙහි කිමිදෙන්න
හිස තබා ගන්නට අතක් දී ඔබට
අනික් අත ඇද එමත ම’හිස
සැනසුම විඳිනට ඒ කුඩා ළදැරියව..
ඇස් පියාන ඒ සැනසුම විඳගන්න
මට ඕනෑ ඉස්සර විදිහට තාත්තා…. 
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)