දුවක ලද මා මවකි නිවුණූ! – තුෂාරි ප‍්‍රියංගිකා

Comment Off 46 Views

ඈත ඇති ලා ළදළු මත්තේ

පින්න ඉහිරුණු කුසුම් ඉත්තේ
රැයේ සඳ දිය උදා හිරු රැස
උණුහුමෙන් හදවත ම ගැස්සේ

හීනි දෙතොලග හිනා වැස්සේ
හීන ඇති හෙවනක පියස්සේ
ළමැද්දේ හිස හොවා සිත් සේ
වැතිරියන් ඇහිපියන් අස්සේ

අකුරු ඇහිදින පොළොව අතුරා
පොකුරු වගෙ මල් සුවඳ පතුරා
සුතුරු සේ ඇති ස්නේහෙ මතුරා
ඉසුරු තෙත හදවතය උතුරා

තුරුවියන් යට නිවහනක් ඇති
මඳපවන් සිත නිවනවා ඇති
රන්රුවන් සේ ආදරය ඇති
ඉගිලියන් ආකහේ ඉඩ ඇති

පියවරෙන් පියවරම තබනූ
පියගැටේ පා ලකුණු බලනූ
පියා දෑසග සිනා කඳුළුෑ
දුවක ලද මා මවකි නිවුණූ!

In : කවි

About the author

කැටපත්පවුරට ලියන්න