පවුලේ පින්තූර – වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 76 Views

පවුලේ පින්තූරවල
සුවිසල් හිස් තැනක් ඇති .
පිළිස්සුම් කැළැල් පෙනෙන හෙයින්
අම්මා කරළියට එනු නැති.
වින්දිතයා චුදිතයා
විමසා පලක් නැති
පුළුස්සන ලද කෙනෙක් ඇත්නම්
දහස් වර පිළිස්සෙනු ඇති.

“දුවේ!
හිතලා කෙරුවා නෙමෙයි එයා.
තල්ලු කර පාරට
ළිප ලඟයි වැටුණේ මා”

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)