සොඳුරිය,ප්‍රේමය ඉතා විශාලය.-ගංගා ප්‍රසාද් කුමාර.

No Comment 163 Views

.

කොතරම් පැරණි ද
මේ සිපගැන්ම?
කොතරම් තුමුළද 
මේ සිපගැන්ම?

වෙරළ හා සයුර 
දෙතොල් තෙරපෙන මෙතන 
නිශ්චලව හිඳ..
නික්ම ගොස් ඇත 
අපි දහස් වර

මතු දිනක
ඔබ සිසිර වෙරළක 
මා සමක වෙරළක 
වෙන වෙනම සිටිනු ඇත

එදාටද ඒ දෙතොල් 
ආදරෙන් සිඹිනු ඇත 
සොඳුරිය! 
ප්‍රේමය ඉතා විසාල ය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)