සිහි නොමැත!! අනිල් හේරත්.

No Comment 29 Views

මිතුරනි මිතුරියනි

සඳ ඇති රැයක උමතුවෙන් අහස බලද් දී
‘ ඇගේ වත සඳ මෙන් දැ’ යි නාසන්න
ඇගේ වත සිහි නොමැත මට දැන්

මඳ සුලඟකින් සැලෙන නා පත් සිඹිද් දී
‘නා දළු වන් ලවන් දැ’ යි නාසන්න
බෝහෝ තොල් සිඹ හමාරය දැන්

මාවුලාවක් තුරුළු කොට බස් දොඩද් දී
‘පියයුරු කොතෙක් මෙලෙක දැ’ යි නාසන්න
මෙලෙක උස්මුරුත්තාවූවෙක් මි දැන්

මා හදිසියේ ම කල්පනාවට වැටෙන විට
‘ඇය ලස්සන දැ’ යි නාසන්න
මතක නැත ඇගෙ දෙනෙත වත්

මිතුරනි මිතුරියනි

ප්‍රේමයකි මේ වැහෙන්නේ
සිසි කිරණ මෙන් සිහිල දුන්
මඳ සුලඟ මෙන් ලඟම හුන්
මාවුලාවක් ව ඇහුම් දුන්
මත් නොවී මත් බවම දුන්

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)