හෙට!!! හෂාන් රන්දික ඩයස් .

No Comment 29 Views

අපිය තටු ඉරුණු සමණල්ලු
වාරේ අවාරේ වන්දනාවේ යන…
විඩාබර දිගු ගමන් කෙළවර
රෝස මල් පහසම පතන….

පැතලි දිග මේස වල වටවී
මධු බිඳෙන් බිඳ තොලගාන….
අතරමඟ පියාසැරි සගයෙකුට
වචනයක් දෙකක් විසිකරන…

උස් අතු මුදුන් වල ලගින
හයිකාර කුරුල්ලන්ගේ
ඉච්ඡා බස් වලට රැවටෙන…
පහත් බිම් වල සිට ඉහළ අහසට
කප්පරක් හීන කඳුගහන….

අපිය තටු ඉරුණු සමණල්ලු
දවස දියවී දියවී වැගිරෙන
වෙහෙසකර සැන්දෑවරුවල
රිදෙන තැන් පිරිමදින..
කෙළවරක් නැති රෑ මැද
“හෙට” යැයි කියන දවසක් ගැන
හීනෙනුත් දකින…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)