කෘන්තක දතකි!! මදුශානි කපුරුගේ.

No Comment 49 Views

ඔබේ මතකය මට
කෘන්තක දතකි සෙලවෙන
බැහැර ලනු නොහැකිව
සියුම් ඉඳිකටු තුඩින් හාරන

ගලවනා රිසියෙන්
නොයෙක් වෙදකම් කරනෙම්
තව ටික කලක් මෙලෙසින්
හිඳින්නැයි සිත ඉල්ලයි

කිම නොසැලුනේ අද
දිවෙන් පිරිමැද බලනෙම්
මිහිරි කුණු රසයක්
හිතේ ගැඹුරුම තැනක් කලතයි.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)