ඔබ සිතනවා ඇති!! තුශාරිකා ඇන්තනි.

No Comment 40 Views

ඔබ සිතනවා ඇති
මම සෙරක බව,
දඩුවම් හිමිවීම යුතු බව
ඔබව සොරකම් කළ බැවින්

ඔබ සිතනවා ඇති
ඔබ සදාකාලික බව
මා දැනටමත්
ටික ටික
ඉවරවුනු දෙයක් බැවින්

ඔබ සිත හදාගෙන ඇති
නැවත බිඳුනද රිදුම් නැති වග,
මා දරනු ඇති වග
පෙරදිනක ඔහු’තින්
ම’හද බිඳුනු කැළලි දුටු බැවින්

ඉදින් මෙතැන් සිට
අප අවනතව ඇත
ඉදිරියට සරුංගල් දෙකක් වනු ඇත
ඉඳහිට එකිනෙකා පසු කරන විට
අවිහිංසක සිනාවකට
ලෙංගතුව දෑතට දමන තට්ටුවකට පමණක්
වළාකුළු දැමූ සීමාවන්ට යටත්වන බවට

සරුංගල් අයිති අහසට
වළාකුළු නිතර නිතර කොඳුරනවා ඇත
රෑ අහසෙ සරණට ඉඩ නැත
දියබත් කරනට පිණිවලටද
පහත හෙලා අතුරුදන් කරනට
සුළඟට වුවද හැකිව ඇත…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)