අරුත හමු විය !! වින්ද්‍යා ආරියරත්න.

No Comment 144 Views

.
හිතවතිය ,
උතුරුකරයේ ශීත කඳු අතර
වසන්තය නැවතී මග බලා සිටි බැවින්
ඔබ සිතූ ලෙස උතුර ශීතලෙන් ශීතවී නොතිබුණි !
.
වසත් සැණකෙළි දනව්වක
හිත ඔහේ ඇවිදන් ගොසින් ,
ගිය විළස යළි නොපැමිණි බැවින්
ඉතා දුර අතීතෙකදී ඔබට දුන් කවියක අරුත
මල් පියල්ලක මුව අඟින් මට හමුවිය !
.
හිතවතිය ,
සමාවෙන්නැයි කිව නොහැකි බව දනිමි
ඒත් .. මට එහි අරුත හමු විය !
.
මකරුන් හඹා ගොස් දමනය කළ හැකිය
ඒත් ප්‍රේමයෙන් ගිණි තැබුණු හිත් !!

වසත් සුළඟක මල් සුවඳ මැද තැවෙනු පිණිසද
සිසිරයේ මැද ශීතලෙන් දැවෙනු පිණිසද
ඉතිං මම ,
ගිණිමකරෙකු පිට නැගී
සෘතුවෙන් සෘතුවට පැන යමි !
.
අතීතෙකදී ලියූ කවියක අරුත
පසු කලෙක හදවතට හමුවීම ශාපයකි !
හිතවතිය ,ඒත් මට එහි අරුත හමු විය !!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)