සොඳුරිය එන්න!! ගයාන් ඉන්දුල කොඩිතුවක්කු.

No Comment 57 Views

ඉතිං දැන් අවසාන ආලෝක බිංදුවද
නිවා ඉක්මනින් මෙහි එන්න 
ඉන්පසු අපට පුළුවනි එපිටින් පේන
හෙවනැලිවලින් පවා හැංගෙන්න

කලක් දුර ගෙවා ආ වසන්තයේ තැන්
මෙහි හීන් සීරුවට අතුරන්න
එහි ආසම තැනක් අරගෙන ඔබට හැක
හිතේ හැටියට යලි යලිත් මුමුණන්න

දන්නෙම නැතිව මේන්න
අරගෙන ඇවිත් නේද
ඒ දවස්වලම අපි
වලලාපු එක එක හීන

ඒත් දැන් අපිට පුළුවන් හිතේ හැටියට හිනැහෙන්න
බැරිනම් දුක් ඉවර වෙනකල්ම වැලපෙන්න
මීට පස්සේ කවුරුවත් නොඑනු ඇත
විඩාපත් හිස් ඉඩක් අවුලන්න

ඉතින් සොදුරිය එන්න පලවෙනි වතාවට
මගහැරුණු තැන් වලට ආදරේ තවරන්න

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)