ඔබ නැවත ඒ නම්???? හිමාලි එන් .ලියනගේ

No Comment 53 Views

ඔබ නැවත ඒ නම්
සඳුදාක එන්න

වැඩක් නැති කුඩා දේ සිත කළඹන
හේතුවක් නැතිව ඇස් අග
කඳුළු නලියන
තත්පර කටුව
හරි හිමින් කැරකෙන
සඳුදාක උදයෙම
ඔබ එන්න

කසුන කල්හාර ගයනා
සොඳුරු සිතුවම්, කුරුළු ගී වැල්
සුවඳ මල් රොන්, සිහින් නල රැල්
එක මිටින් අරගෙන
හිත උඩ ඉහිරවන්නට
ඔබ නැවත ඒ නම්
සඳුදාක එනු මැන

රතුපාට හවසක
දෑස් දෙස බලා
සිහින සිතුමිණකින් වෙන්වුන

හිරුගෙ මග සඳුගෙ මග
අහුරවන්නට
ඔබ නැවත ඒ නම්
සඳුදාක එන්න

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)