ජනෙල් පඩිය උඩ පතොක් පැලය!! ඉසුරු චාමර සෝමවීර.

No Comment 229 Views

 

දුරු කතර
පෙර මතක
දරා පොඩි පපු තුරෙහි

ජනේලය පෙරා දෙන
තරම දැන ඉර විඳින
සා පවස දරාගෙන
නිහඬ දැහැනක් වඩන

මිටිව, වටකුරුව
මැටි බඳුන තුළ
කටු සරව

බයද?
සීතද?, තනිද?
ඇසු දිනක පමණක්ම
ඇඟිලි තුඩු සිදුරු කර
කතා කල මා මිතුර

ඉන්න ඔය විදියටම
මලක්, සුවඳක්, ළදල්ලක්
එපා මතු දිනෙක

ඔබෙ පපුව, මගෙ පපුව
ගැහෙනවා ඇහෙනවා
එකට එක තාලයට
නිදි නේන මැදියමක.

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)