කේ සංජීව

No Comment 122 Views

සොඳුර මේ ඔබමද
මට හිතාගන්නවත් බැහැ ඇත්තටම..
මේ හැමදෙයක්ම
ලෙසටම
වෙනයුරු දැන දැනම
හිටියා නේද කිසිත් නොකියාම..

මල් පිපෙන්නේ නැහැ
දැන් එතකොට
සඳක් කෝ අහසට
හිරු උනත් මදැසින් බැලුවාමයි
තෙරුනේ නොකියාම…

යුතුකම් වගවීම් කෙතෙරම් ද
ආදරය කෙහෙන්මලටද ඒවා
නැතුවාම..
අනේ මේ ආදරයත් සිහල දෙමළ ගැටලුව
වගෙයි නේද ?..

යනකොට යන්න ඉඩදෙන
එනකොට බාර ගන්න
ආදරය එහෙමලු කියලා
ලියා තියෙනවා දැක්කාම
මං ටක්ගාලා ඩවුන්ලෝඩ් කලා ඒක..
හාර්ට්ස් විසිරුනු මූනකුත් එක්කම..

එක්කෝ ඕනීම
නැහැ ඔන්න
හැරෙන එක හරි නැහැ නේද
මම එනකොට ඔබ යන එකයි
නියම ආදරය…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)