කහට පැල්ලම්!! උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක.

No Comment 113 Views

ජීවිතය තිබුනෙම එතන
එක එක කහට පැල්ලම් වල

පොඩි වෙච්චි තේ කොළ සුවඳ තිබුනේ
දළු කඩපු අම්මගේ අත්වල

පතලකට බැස්ස තාත්තගේ අත්වල
රැලි වැටුනු මඩ පාට

මට තිබුනේ එක කමිසයයි
ඒකෙත් ලොවි කහට

රංජනී ගේ අත්වල දුම්කොළ කහට
හවස ට ගෙදර බීඩි ඔතනා හින්දම

දන්නවද
ඒ කහට පැල්ලම් හරි රහයි
නෙල්ලිත් එක්ක ගත්තම

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)