රාත්‍රිය මනරම්!! හෂාන් රන්දික ඩයස්

No Comment 113 Views

අන්ධකාරයැයි ගුලි වී නොඉඳ
තමන් එළි බිඳ බෙදා දෙනු පිණිස
වීදි බට කැරළිකරුවන්ය අර
කණමැදිරි පිරිස…

කල්ලි කණ්ඩායම් ගැසී අහසෙ තැන තැන
සඳ පෙරළා දමනු පිණිස පොළවට
කුමන්ත්‍රණයකය අර අහසෙ
තාරකා සෙනඟ…

මෙන්න මේ කිසිවක් නොදැන
රාත්‍රිය මනරම් කියා පිපුණ
සිනිඳු සියුමැලි ළඳකි මේ
විල මත කුමුද..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)