අප වැනිම වූ දෙදෙනෙක්!! මහේෂ් මදුරංග.

No Comment 47 Views

” සොඳුර ,
දුටුවාද ඔබ
අප වැනිම වූ දෙදෙනෙක්
මේ කුඩා රාමුව තුළ .

නිතරම සිනා සී ගෙන සිටින
තරුණකම උතුරා ගලන
කිසිදා වයසට නොයන .

කියාදෙන්නාක් මෙනි ඔවුන් අප හට
මතකයන් පරණ වන තරමට
බැඳීම් අළුත් වන බව . ”

” සොඳුර ,
දුටුවාද ඔබ
අප වැනිම වූ දෙදෙනෙක්
මේ රාමුවට එපිටින්
අප ඉදිරියේ වන .

හම මඳක් රැලි වැටුන
හිස කෙය අඩක් සුදුවුන
උපැස් යුඟලක් පළඳින .

කියාදෙන්නාක් මෙනි ඔවුන් අප හට
බැඳීම් පරණ වන තරමට
ආදරය අළුත් වන බව . “

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)