කුමුදක් හා සඳක් ! අසංග බණ්ඩාර.

No Comment 82 Views

 

ඇරඹුමට පෙරම ,
නිමා වෙන්නට නියමිතය මේ පෙම .
බොහෝ දෙන සිතුවේ එහෙම .

සඳ නම් අහසකට ,
පියුම හිමි විලකට .
මුල හරිය ලියා ඇත
ඒ ලෙසට කතාවක .

හොඳ වෙලාවට ,
අප කියන කතා ගැන
කුමුද දන්නේ නැත .
සඳ තැකීමක් නැත .

අද වුව දකිනු හැක
ලොව නිදන මැදියම
නිශා මෙහෙවර නිම කර
විල් දියට බැස
කුමුදුනිය උකුලත
හිස තබාගෙන නිදන
සඳ .

පෙමක් නම් එහෙම .
කතා නම් වෙනම .

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)