හදවතක් ප්‍රේමයට ගොදුරු වූ කළෙක ! වින්ධ්‍යා ආරියරත්න

No Comment 88 Views

රැයෙහි ඇදවැටුණු වලෙහිම
දහවලෙත් වැටෙනවා මිසක
බැට කෑ ගිණි පෙනෙල්ලත්
කඳෝකිමි එළි වැටක් සේ දකිනවා මිසක
කාලසටහනකට අනුව
සැළසුම් සහගතව
සාර්ථක වනු පිණිසම
පෙම් කළෝ කවරහුද ,
.
යමහලක් විධාරණය වන විටක මෙන්
මහ කඳු නාය යන විටක මෙන්
හදවතක් ප්‍රේමයට ගොඳුරු වූ විටෙක
දැන් ඉතින් නවතින්න යැයි
අණ දෙන්න ඔබ කවුරුන්ද ?

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)