තුහින!!! මෙලනි තෙන්නකෝන් 

No Comment 16 Views

නිල් නිමල ඇස් දෙකට
විඩාවක් දැනුණා ද නොවෙද
ශීතලම සුළඟ විත්
හිරිගඩුත් පිපුණා නොවෙ ද

ඇතිරිල්ල උණුසුම් ද

යටි හිතට තුරුලු වෙන කොට
සෙනෙහෙ එක පබැදුමකි

මොහොතකට ලද විරාමෙට

තුහින මල් බිම වැටෙන
දඩබ්බර ඔය සුළං රොද
එකිනෙකා පහුකරන්
හැපී හැපී පියමනින රඟ

කෝ කොහෙද සබඳ ඔබ
බිඳි විසිරෙන සිහින මැද
ප්‍රේමයේ ප්‍රහර්ෂය

දැනුණා ද ඔය තනිය ළඟ

තුහින, ඔව්, අර අතන
හිස් ය, මේ මෙතැන, මෙ අසුන

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)