තාත්තා කෙනෙක්!! භාතිෂ අකලංක සිල්වා

No Comment 124 Views

මා වවුලන්ට ඇහැරී
පිලියන්දලට රෑවෙයි
හැන්දෑවෙ වැසි වැටී ඇත

අංසක තිහක් බරවී
හොරණ’තට බස් ඉගිලෙයි
ගී ගයන තරුණයා නැත

බොහෝ කලකට පෙර
අලියෙකු බතික් කල
කහ ගැහුණු සරමක් ඇඳ,

කාගෙදෝ තාත්තා කෙනෙක්
තාමත් සුවිප් විකුණයි
ඔරලෝසු කණුවේ යට

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)