නොබලන්නෙමි!! අනුරාධා මනෝහාරී පෙරේරා.

No Comment 80 Views

නු⁣ඹේ උපැස් යුවළ
ගත කරයි දිගු විවේකය
නිසොල්මන්ව 
කනප්පුව මත…..

දැන් දැන් නිතොර ගෙමිදුල
අඹ ගහ යට බංකුවේ 
හිඳිනු පෙනේ නුඹ
පත්තරය දිග හැරගෙන….

දකින්නෙමි එවිට මම
උපැස් යුවළ
කනප්පුව මත ඇති බව
බලාගත්වනම…..

පත්තරය දිග හරින
නුඹ දකින විට 
නොබලන්නෙමි නැවත
කනප්පුව දෙස මම…..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)